ගුරු-විදුහල්පතිවරු විරෝධතාවයක් තංගල්ලේදී (Photo)

ගුරු-විදුහල්පතිවරු විරෝධතාවයක් තංගල්ලේදී (Photo)

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් හම්බන්තොට දිස්ත්‍රිකය මුල්කරගනිමින් උද්ඝෝෂණයක් තංගල්ල නගරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා එම සන්ධානය වෙනුවෙන්  ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ, යල්වෙල පඤ්ඤාසේකර හිමි, ඇතුලු වෘත්තීය සමිති නායකයින් ඇතුලු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගි විය.

වැටුප් විෂමතාවයේ ඉතිරි 2/3 ලබාගැනීම, දෙමව්පියන්ගෙන් මුදල් අයකිරීම නැවැත්වීම, දරුවන්ට සහන මිලට පාසල් උපකරණ ලබාදීම, හා ගුරු, විදුහල්පති සේවාවල උසස්වීම් ලබාගැනීම මූල්කරගනිමින් මෙම උද්ඝෝෂණය පවත්වන ලදි.