සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය නිර්දේශ ගැන සතුටින්

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය නිර්දේශ ගැන සතුටින්

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් අතර පැවැති සෞඛ්‍ය අමාත්‍යංශයේ විසින් ගමන් වියදම් සඳහා සකස් කරන ලද නිර්දේශ සම්බන්ධයෙන් සෑහිමකට පත්වන බවත්, එම වාර්තාව අද (01) සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන සාකච්ඡාවක් කරන බවත් “වැඩබිම“ ට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයකු පවසා සිටියේය.

එම සාකච්ඡාවෙන් අනතුරුව මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා  බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටී.

වෛද්‍යවරුන් සඳහා ලබාදෙන ලද රු. 35,000 දීමනාව තමන්ටත් ලබාදෙන ලෙස සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් පසුගියදා වැඩවර්ජනයකද නිරතවිය.