සෞඛ්‍ය සේවකයින්ට ප්‍රවාහන පහසුකම් නොමැතිව විරෝධතාවයක (PHOTO)

සෞඛ්‍ය සේවකයින්ට ප්‍රවාහන පහසුකම් නොමැතිව විරෝධතාවයක (PHOTO)

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සේවකයින්ට ඊයේ (22) දින පස්වරු 05 වැඩ මුරයෙන් පසු නිවෙස් බලා යාමට අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් සලසා නොදීමට විරෝධය දක්වමින් සේවකයින් විරෝධතාවයක නිරිත වූ බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් නිවෙදනයක් නිකුත් කරමින් කියා සිටී.

උන් වහන්සේ එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා සමඟ මෙම ප‍්‍රවාහන ගැටලු පිළිබදව 21 දිනයේදී අවස්ථා 04 ක සාකච්ඡා පැවැත්වූ අතර එහිදී අධ්‍යක්ෂකවරයා පොරොන්දූ වූයේ අද දින එම ගැටලුන විසඳන බවය. එහෙත් සවස 04 වනවිට කිසිදු පරිපාලන නිලධාරියෙක් රෝහලේ නොසිටි අතර ප‍්‍රවාහන ගැටලුවද විසදා නොතිබිනි.

අවසානයේදී රාත‍්‍රි 07 ට පමණ පොලීසය මැදිහත්වීමෙන් ප්‍රවාහන පහසුකම් සඳහා බස්රථ යෙදවීය. හෙට දින (23) නියමාකාරයෙන් ප‍්‍රවාහන සේවා සපයන්නේ නොමැති නම් 24 දින වෘත්තිය ක‍්‍රියාමාර්ගවලට යාමට සිදුවන බවත්, රාජ්‍ය පරිපාලන චක්‍රලේකය අනුව රාජ්‍ය සේවකයන්ට මසකට දින 08 ක නිවාඩු ලැබුණද, සෞඛ්‍ය සේවකයන්ට එයද ලබා නොදෙන බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

එවැනි තත්වයක දිනපතා රාජකාරිවලට පැමිණෙන අත්‍යාවශ්‍ය සේවාවක් වන සෞඛ්‍ය සේවාවට ප්‍රවාහන පහසුකම් නොසැපයීම ගැටලුවක් වන අතර, මෙම ප්‍රවාහන පහසුකම මුලදී නොමිලේ ලබා දුන්නද දැන් සේවකයන්ගෙන් මුදල්ද අයකරනු ලබන බවත්, බොහෝ රෝහල් වල මෙම ගැටළුව පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

This image has an empty alt attribute; its file name is 2.jpg

This image has an empty alt attribute; its file name is 3.jpg

This image has an empty alt attribute; its file name is 4.jpg

This image has an empty alt attribute; its file name is 6.jpg

This image has an empty alt attribute; its file name is sugathananda-him.jpg