අධ්‍යාපනය මිලිටරිකරණය කරන කොතලාවල පනතට එරෙහි PRHRPC විරෝධය පල කරයි

අධ්‍යාපනය මිලිටරිකරණය කරන කොතලාවල පනතට එරෙහි PRHRPC විරෝධය පල කරයි

නිදහස් අධ්‍යාපනය වනසන, අධ්‍යාපනය මිලිටරිකරණය කරන කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව හා ගුරු, විදුහල්පති අයිතීන් වෙනුවෙන් අරගල කරන වෘත්තීය සමිති නායකයින්, ශිෂ්‍ය සංවිධාන නායකයින්, සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් ඇතුළු සිවිල් පුරවැසියන් මර්දනය කිරීමට ආණ්ඩුව ගෙනයන වැඩ පිළිවෙළට එරෙහිව පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය විසින් අද (06) මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි.

කොතලාවල පනතට එරෙහිව අදවනවිට වෘත්තීය සමිති හා බහිජන සංවිධාන විසින් නොනවතින විරෝධතා ව්‍යාපාරයක නිරතවෙමින් සිටින අතර රජය විසින් මෙම අරගලය බලහත්කාරයෙන් මැඩපැවැත්වීම ගන්නා ක්‍රියාමාර්ග දැඩිව හෙළා දකින බව මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කරන ලදී.

මෙම උද්ඝෝෂණ යටපත් කිරීම සඳහා ආණ්ඩුව ගෙනයන මර්දනකාරී වැඩ පිළිවෙළට විරෝධය පළ කිරීමටත් ඒ සඳහා ගතහැකි උපරිම ක‍්‍රියාමාර්ගයන් ගැනීමටත් පහත සඳහන් වෘත්තීය සමිතිවලින් සැදුම්ලත් පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය කොන්දේසි විරහිතව තීරණය කර ඇති බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

kalpa

joseph

222761737 161801049290657 157573443375532813 n