බදියුදීන්ගේ නිවසේ සේවය කළ දැරියගේ මරණය පිළිබඳ හෙළිකරන්න -Protect සංගමය ඉල්ලයි

බදියුදීන්ගේ නිවසේ සේවය කළ දැරියගේ මරණය පිළිබඳ හෙළිකරන්න -Protect සංගමය ඉල්ලයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින්ගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරියක්  පිළිස්සුම් තුවාල සහිතව ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී  පසුගිය  15 වෙනිදා ඇය මියගොස් ඇත. නමුත් මෙයට හේතුව තවමත් පරීක්ෂණ වෙමින් පවතින බව පොලිසිය පවසයි.  මෙම දැරිය සේවයට ගෙන එද්දී වයස අවුරුදු 15 මාස 11ක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි. 

මෙම නිවසේදී සත්‍ය වශයෙන්ම සිදු වූයේ කුමක්ද යන්න රටට හෙළිකරන ලෙස ඉල්ලා අද ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් ශාඛාවේ සාමාජිකයන් විසින් මාධ්‍ය හමුවක් පවත්වන ලදී. 
 
එසේම මෙම දැරියට සියදිවි නසාගැනීමට හෝ පිළිස්සීමට අදාළ සිදුවීම පිටුපස තිබෙන කාරණා සඳහා වගකිවයුත්තන්  සිටීනම් තරාතිරම නොබලා දඬුවම් කළ යුතු අතර ඒ පිළිබඳව සංගමය විසින් අවධානයෙන් සිටී. එසේම මේ දැරිය සේවයේ යෙදවූ බ්‍රෝකර්වරයාගේ  සිට නිවෙස් හිමිකරුද සේවායෝජකයන් ලෙස සලකාද  ඉදිරි පරීක්ෂණ සිදු වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
  
මෙහිදී ගෘහ සේවකයන් සඳහා ILO C189 වැනි සම්මුතීන් රට තුළ අපරානුමත කරගැනීමේ අවශ්‍යතාවය සහ ඒ අනුව ගෘහ සේවකයන්ගේ ආරක්ෂාව සහ රැකියාව යහපත් කරන නීති පද්ධතියක අවශ්‍යතාවය පැහැදිලි කරන ලදී.
 

මෙම සිදුවීම සම්බන්ධව පොලීසිය සහ අනෙකුත් අංශ විසින් සිදු කරන පරීක්ෂණ සම්බන්ධව  සංගමය අවධානයෙන් සිටින අතර මෙම සිද්ධිය පිළිබඳව කරුණු රටට හෙළිකරන ලෙස ඉල්ලා ක්‍රියාමාර්ග රැසක් ගැනීමට බලාපොරොත්තු වේ. 

haton 1