විශ්‍රාමිකයින් දොළොස් දාහකට විශ්‍රාම පාරිතෝෂකය තවම නෑ (VIDEO)

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ආණ්ඩුව, පසුගිය වසරේ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් දොළොස් දහසකට අධික පිරිසකට විශ්‍රාම පාරිතෝෂික දීමනාව ගෙවා නොමැති බව ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් මහතා සදහන් කළේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

"2021.12.31 වැනිදා වෙන කොට විශ්‍රාමිකයෝ දොළොස්දාස් හාරසිය අසු තුනකට කෝටි එක්දාස් තුන්සිය  තිස් හතරක් දෙන්න තියනවා පාර්තෝෂිත මුදල් ලෙස "  නමුත් ආණ්ඩුව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් එම මුදල් තවමත් ලබා දී නෑ. ආණ්ඩුව මේ ආකාරයෙන් විශ්‍රාමික පාරිතෝෂික මුදල් ගෙවීම පැහැර හැරීම පමණක් නොව විශ්‍රාම ගිය දින සිට විශ්‍රාම වැටුප ගෙවීමත් නිසි ආකාරයෙන්  සිදු කර නොමැති බවත් ජෝසප් ස්ටාලින් මහතා වැඩි දුරටත් සදහන් කළේය.

විඩියෝ අනුග්‍රහය වොයිස් ටියුබ්.