ඔබ යෙදී සිටින්නේ ශිෂ්ඨ රැකියාවකද?

ඔබ යෙදී සිටින්නේ ශිෂ්ඨ රැකියාවකද?

රැකියාව යනු ජීවන වෘත්තියයි ජීවිතය පවත්වා ගෙන යාමටත් පවුලේ හා සමාජීය යුතුකම ඉටුකිරීමටත් එසේම රැකියාවෙන් විශ්‍රාම ගත් පසු ඔබෙ විශ්‍රාම ජීවිතය ගත කිරීමට රැකියාවෙන් ලැබෙන පිටිවහල යහපත් ද? රැකියාවෙ නියතු ඔබට අද ලැබෙන සෞඛ්‍ය ඇතුලු අනෙකුත් ආරක්‍ෂණ පහසුකම  පිළිබඳව ඔබ සෑහෙන්නේද? එසේ නම ඔබ යෙදී සිටින්නේ ශිෂ්ඨ රැකියාවකයි.

ශිෂ්ඨ රැකියා සංකල්පය ලෝකයට බිහිවන්නේ 2008 වසරෙයි ලෝක කම්කරු සංවිධානය පිලිගත් මෙම සංකල්පය සැමරීම සඳහා දිනයක්ද වෙන් කර ඇත්තේ එබැවින්. සෑම වසරකම ඔක්තෝබර් 07 වැනිදා ලෝ පුරා සිටින රැකියා නියුක්තිකයින් ශිෂ්ඨ රැකියා දිනය සමරනු ලබයි.

ශ්‍රී ලංකාව තුලද  ශිෂ්ඨ රැකියා සංකල්පය ක්‍රියාත්මක කල හැක.

ඔබ නොදන්නවා වුවත් ශ්‍රී ලංකාව ප්‍රතිපත්තියක් ලෙස මෙම සංකල්පය පිලිගෙන තිබෙ.  ලෝක කම්කරු සංවිධානය (ILO)  අප රටෙ ප්‍රධාන වෘත්තීය සමිති හා එක්ව මේ සඳහා පස් අවුරුදු සැළැස්මක්ද සකස් කර ඇති අතර ලෝක කම්කරු සංවිධානයෙන් ඒ සඳහා අනුමැතියද ලබා ඇත. නමුත් අද ශ්‍රී ලංකාවෙ  රැකියා නියුක්තිකයින්ගෙන් කී දෙනෙකු මේ පිලිබඳ දැණුවත්ද යන්න අප විමසිය යුතු වෙයි.

ඔබෙ රැකියාව අනිවාර්යයෙන්ම ශිෂ්ඨ රැකියාවක් විය යුතුයි.

අද ඔබ නියැලී සිටින රැකියාව කුමක් වුවත් එය අනිවාර්යයෙන්ම ශිෂ්ඨ රැකියාවක් විය යුතු යැයි කියා සිටීමට ඔබට අයිතියක් ඇත. ඔබෙ වැටුප ජීවත් වීමට ප්‍රමාණවත් නොවන්නේ නම සෞඛ්‍යය  හා වෙනත් ආවරණ ඔබෙ ආරක්‍ෂාවට ප්‍රමාණවත් නොවන්නේ නම් හිමි නිවාඩු හා සේවා කොන්දේසි අදට යාවත්කාලීන නැත්නම ඔබ ඔබේ  අයිතිය වෙනුවෙන් පෙරට ආ යුතු බව සිහිපත් කිරීමට අදට වඩා හොඳ දිනයක් නොමැති බව අපගේ අදහසයිග එසේම ඔබට ඔබගේ සේවා ස්ථානයේ සිදුවන සේවක අසාධාරණයකට එරෙහිව මතයක් හෝ දැරීමට ඇති අයිතිය ආරක්‍ෂා කර ගැනීම පිලිබඳව නැවත සිතා බැලීම මෙන්ම ඔබ සාමාජිකත්වය ලබා ඇති වෘත්තීය සමිතිය මේ පිළිබඳව දැණුවත්ද යන්නත් අදම සොයා බැලිය යුතුවෙ. එසේම මේ පිළිබඳව දැණුවත් වීම තුලින් වැඩ කරන සමාජය වෙනස් කිරීමට විශාල ශක්තියක් ලබා දීමට ඔබට හැකි වනු ඇත.

දැණුවත් වන්න අන් අයත් දැණුවත් කරන්න

විවිධ රැකියා වල නියතු වූවන්ගෙන් පිරි අප සමාජය තුල ශිෂ්ඨ රැකියා සංකල්පය තුලින් අපට දිනා ගත හැනි අයිතීන්  පිළිබඳ දැණුවත් භාවයක් ඇත්තේ ඉතා සීමිත පිරිසකට විය හැකියිග නමුත් මේ පිළිබඳව දැනුවත් වීමෙන් අන් අය දැනුවත් කිරීමෙන් අනාගත ශ්‍රී ලංකාව තුල ශ්‍රමිකයින්ට සුනිසි තත්වයක් ඇති කර දීමට ඔබට දායක විය හැකිය. එය ඔබෙත් අපේත් වගකීමක් වනු ඇත.

ශීෂ්ඨ රැකියා සම්ප්‍රදායක් ශ්‍රී ලංකාව තුල ස්ථාපිත කිරීමෙ වගකීමට එක් වෙමු.

 

නාලක උදය කුමාර

වැඩබිම සබුද්ධික සමිති ක්‍රියාකාරිකයින් වෙනුවෙන්

 

වැඩබිම