ඇන්සල් ශ්‍රී ලංකා වර්ජකයින්ට ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති සහයෝගය

ඇන්සල් ශ්‍රී ලංකා වර්ජකයින්ට ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති සහයෝගය

ඕස්ට්‍රේලියානු සමාගමක් වන ඇන්සල් සමාගමට අයත් දේශීය කර්මාන්තයතනයක් තුළ වැඩවර්ජනය කිරීමේ හේතුවෙන් 2013 වර්ෂයේදී එහි සේවකයන් 300 දෙනෙකු පමණ සේවයෙන් පහකරනු ලැබිය. පසුගිය සතියේ, එම සමාගමේ ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති ක්‍රියාදරයන් මෙල්බර්න් හි පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට රැස්වී එයට විරෝධය පෑහ.

විරෝධතාකරුවන් විසින් 'ඇන්සල් සමාගම', ශ්‍රමය සූරාකෑම සඳහා  ලාභ ශ්‍රම කඳවුරු පිහිටුවන හා මූලික ශ්‍රමික අයිතීන් ක්‍රියාවේ යෙදවීමට විරුද්ධව ශ්‍රමිකයන් අසාධාරණ ලෙස සේවයෙන් පහකරන සමාගමක් ලෙස චෝදනා කර තිබේ.

මේ අතර ඕස්ට්‍රේලියාවේ, රෙදිපිළි, ඇඳුම් පැළදුම් හා පාවහන් වෘත්තීය සමිතියේ ජාතික ලේකම් මිෂෙල් ඕ'නෙයිල් පුවත්පතක පළකළ තීරු ලිපියක සඳහන් කොට ඇත්තේ සේවකයන් සාකච්චා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීමට උත්සහ කරන විට ඇන්සල් සමාගම ඔවුන්ට ඉතා අසාධාරණ ලෙස සලකා ඇති බවයි.

"සමාගමේ ප්‍රතිචාරය ඉතා ඉකමන් හා දරුණු එකක්. බොහෝ සේවකයන්ට තවමත් වෙනත් රැකියාවක් සොයා ගැනීමට හැකිවෙලා නැහැ" ඇය වැඩිදුරටත් සඳහන් කොට ඇත.

එමෙන්ම ඇන්සල් සමාගම අසාධාරණ ලෙස මෙම සේවකයන්ගේ සේවකයන්ගේ වැටුප් කපා දමා ඇති  බවටද ඇය චෝදනා කොට ඇත. 'ඇන්සල් සමාගම පසුගිය වසරේ, සතියකට ඩොලර් මිලියන 3 කට වඩා වැඩි ආදායමක් ලැබුවා. ඒත් පැය නිවාඩුවකින් පවා ඔවුන් සේවකයන්ගෙන් සුළු මුදලක් කපාගත්තා. මේ අපි ඕස්ට්‍රේලියානු සමාගමකින් බලාපොරොත්තු වෙන හැසිරීමක්ද? ' මිෂෙල් වැඩි දුරටත් ප්‍රශ්න කරන්නීය.

එමෙන්ම ඇය  පවසන්නේ මේ විරෝධතාවය,  ඇන්සල් නිෂ්පාදන මිලදී ගැනීමට පෙර දෙවරක් සිතන ලෙසට පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා, ගෝලීය රබර් කිරි නිෂ්පාදකයන්ට  එරෙහිහිව ගොඩනැඟෙන  දීප ව්‍යාප්ත ව්‍යාපාරයක ආරම්භය වනු ඇති බවයි.