ජනපතිගේ වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් දුවද්දී දැවී යයි

ජනපතිගේ වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් දුවද්දී දැවී යයි

පසුගියදා අවසන් වූ ලෝක කම්කරු සංවිධානයේ (ILO) 106වන සැසිවාරයට වැඩකරන ජනතාවගේ වෘත්තීය සමිති නියෝජිතයා ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් හා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා හට අක්තපත්‍ර ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකාවේ පැරණිම වෘත්තීය සමිතියක් වන ලංකා සමසමාජ පක්ෂයට අනුබද්ධ ලංකා වෘත්තීය සමිති සම්මේලනය විසින් ලෝක කම්කරු සංවිධානයේ ජිනීවා හි පිහිටි අක්තපත්‍ර කමිටුව (ILO Credentials Committee) වෙත කල පැමිණිල්ල විභාගයෙන් අනතුරුව සිය තීරණය රජය වෙත දැනුම් දී ඇත.

ඒ අනුව, ලෝක කම්කරු සංවිධානයේ අක්තපත්‍ර කමිටුව (ILO Credentials Committee) ප්‍රකාශ කර සිටින්නේ ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ගේ පත්වීම පිළිබඳව ILOව සිදු ලක විභාගයේදී රජය විසින් අවශ්‍ය තොරතුරු සැපයීමට අපොහොසත් වීමෙන් හා 2010 වසරේදීත් ILO වේ අවධානයට ගෙන එනු ලැබූ දේවේන්ද්‍ර මහතාගේ පත්වීම සැබෑ සේවක නියෝජිතයකු නොවන බවට යන සැකය තවදුරටත් තීව්‍ර කර ඇති බවයි.

ඒ අනුව ලෝක කම්කරු සංවිධානයේ අක්තපත්‍ර කමිටුව (ILO Credentials Committee) ප්‍රකාශ කර සිටින්නේ ඔවුන් වෙත ඉදිරිපත් වී ඇති තොරතුරු අනුව ඔහු විසින් රජයේ දූරයක් හෙබවීම හේතුවෙන් ලෝක කම්කරු සංවිධානයේ 106 වන ලෝක කම්කරු සමුළුව උදෙසා ජනපතිවරයා විසින් සිදු කර ඇති “සේවක නියෝජිත” පත්වීම තම සංවිධානයේ ව්‍යවස්ථා මාලාවේ 3(5) වගන්තියට කිසිසේත අනුකූල නොවන බවයි.

ILO අක්තපත්‍ර කමිටුවේ (ILO Credentials Committee) වාර්තාවේ 27 වන පිටුවේ 119 සහ 120 වැනි පරිච්චේදයන්හි උදෘත කිහිපයක් පහත දැක්වේ:

“Turning to the Workers’ delegate, the lack of information by the Government on this point only exacerbates the Committee’s doubts that the concerned individual, already brought to its attention in 2010, is not a genuine Worker representative.”

“On the basis of the information before it, that the individual nominated as a Workers’ delegate holds a public office, the Committee is not convinced that the nomination of the Workers’ delegate has been made in conformity with article 3(5) of the ILO Constitution.“

Therefore, the Committee urges the Government to take into consideration the Committee’s conclusions and, in particular, that it observe the conditions of impartiality, transparency and predictability so as to ensure that the nomination of the Workers’ delegation at future sessions of the Conference is in full compliance with article 3(5) of the ILO Constitution.

ලෝක කම්කරු සංවිධානයේ ඉහත තීරණය අනුව දේවේන්ද්‍ර මහතා ILO මහ සමුළුවෙදී සේවක නියෝජිතයකු ලෙස කටයතු කිරීමට සුදුස්සකු නොවන බවට ප්‍රකාශ කිරීම හරහා ඒ මහතා තවදුරටත් ජාතික කම්කරු උපදේශක සභාව, ILO කොළඹ කාර්යාලය විසින් සංවිධානය කරන වැඩමුළු වලදී සේවක නියෝජිත ලෙස මුළු දීම පිළිබඳව බරපතල ගැටළුකාරී තත්වයක් මතුවේ.

එමෙන්ම ඒ මහතා Industri All ගෝලීය වෘත්තීය සමිතියේ ශ්‍රී ලංකාවේ අනුබද්ධිත සමිති සභාවේ Industri All – Sri Lanka Affiliates’ Council හි සභාපති ලෙසද කටයුතු කරයි. මේ පිළිබඳව වැඩබිමට අදහස් දැක්වූ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු පැවසුවේ ILOව විසින් ම සේවක නියෝජිතයකු ලෙස පිළිගැනීමට නොහැකි බවට ප්‍රකාශකළ පුද්ගලයකු ගෝලීය වෘත්තීය සමිතියක ශ්‍රී ලංකා අනුබද්ධිත සභාවේ සභාපතිත්වය දැරීම සදාචාරය හා වෘත්තීය සමිති මූලික මූලධරම පිළිබඳව බරපතල ගැටලුවක් මතු කරන බවයි.

සබැඳුම: 106 වන ILO ලෝක කම්කරු සමුළුවේ අක්තපත්‍ර කමිටුවේ (ILO CREDENTIALS COMMITTEE) වාර්තාව – ශ්‍රී ලංකාවට අදාළ කොටස 26 සහ 27 පිටු (පරිඡේද 115 සිට 120 දක්වා).

වැඩබිම