වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල් ජිනීවා ගොස් ආණ්ඩුව පතුරු අරි

වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල් ජිනීවා ගොස් ආණ්ඩුව පතුරු අරි

ජිනීවා නුවර මේ දිනවල මුළු දෙන ජගත් කම්කරු සංවිධානයේ 105වන ලෝක කම්කරු සමුළුවට, ශ්‍රී ලංකාවේ වැඩකරන ජනයාගේ නිල නියෝජිත ලෙස සහභාගී වන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ හා ප්‍රධාන ලේකම් හා වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ලක් රජයේ ක්‍රියාකලාපයන් දැඩි දෝෂදර්ශනයට ලක් කොට ඇත. දේවේන්ද්‍ර මහතා ලේකම් දුරය දරන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපතිත්වය හොබවන්නේ වත්මන් ජනපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතායි.

සමුළුවේදී අදහස් දැක්වූ දේවේන්ද්‍ර මහතා පවසා සිටියේ, සාමාන්‍ය වැඩකරන දරිද්‍ර ජනයා වෙත ඉතා විශාල ලෙස වක්‍ර බදු පැනවීම හරහා, සේවායෝජකයින්ගේ දැඩි විරෝධය මධ්‍යයේ පුද්ගලික අංශයේ සේවකයින්ට ලබාදුන් රුපියල් 2500 වැටුප් වැඩිකිරීම තුලින් ලබාගත් සියලු ප්‍රතිලාභ සම්පුර්ණයෙන්ම නිශේදනය වී ඇති බවයි. මෙය රජය මැතිවරණ සමයේ පොරොන්දුවූ වක්‍ර බදු බර අඩු කිරීමේ රජයේ ප්‍රතිඥාවට සම්පුර්ණයෙන්ම පටහැනි වේ.

එලෙසම යහපාලන තේමාව යටතේ බලයට පත් නව රජය, රාජ්‍ය ආයතනයන්හි දුෂණය අවම කිරීමට පියවර ගෙන ඇති අතර සිය ගනන් ප්‍රසිද්ධ පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කර ඇතත් කිසිදු පුද්ගලයකු තවම අපරාධ සඳහා වැරදි කරු කොට නොමැති බවද පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම පවසා සිටියේ, ශ්‍රී ලංකාව ජගත් කම්කරු සංවිධානයේ මුලික සම්මුති 8 අපරානුමත කර ඇතත්, සේවක එක්රැස්වීමේ හා සාමුහික කේවල් කිරීමේ අයතිය පිලිබඳ සම්මුති ක්‍රියාවේ යෙදවීම නිසි ලෙස සිදු නොවන බවත් මේ හරහා විශ්ශයෙන්ම සංවිධානය නොවූ සේවකයින් අතර ඉමහත් අතෘප්තියක් ගොඩ නැගීඇ ති බවත් මෙය ක්‍රමයේ අසාර්ථකවීම නිරුපනය කරන දර්ශකයක් බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම අවිනිශ්චිත රැකියා Precarious Work මාතෘකාව පසුපසට තල්ලුවී ඇති බවත්, ශ්‍රම උපකොන්ත්‍රාත් කරණයට ඇති අවකාශය අසාධාරණ කම්කරු පිළිවෙතක් ලෙස නම් කොට තහනම් කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන ගෙන ඒමට රජයන් දක්වන මැලිකම හේතුවෙන් සේවායෝජකයින් ගණනාවක් අයුතු වාසි ලබාගනිමින් සිටින බව හෙතෙම පැවසීය.

ILO කොළඹ කාර්යාලයේ නේවාසික අධ්‍යක්ෂක ඩොන්ග් ලින් ලී මහතාගේ හා කාර්යමණ්ඩලයේ නායකත්වයෙන්, සියලු පාර්ශවකරුවන් සමග අන්‍යෝන්‍යතත්වයෙන්, විශේෂයෙන්ම ශිෂ්ඨ රැකියා Decent Work ජාතික වැඩපිළිවෙල උදෙසා ශ්‍රී ලංකාව තුලදී සිදුකරමින් පවතින සාධනීය කටයුතු ඒ මහතා පැසසුමට ලක් කළේය.

ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ගේ කතාවේ සම්පුර්ණ මුද්‍රිත පිටපත මෙම සබැඳුමෙන් ලබාගත හැක. 

වැඩබිම