2016 ජිනීවා ජගත් කම්කරු සමුළුවේ ඇතුලත ගැන සම්මන්ත්‍රණයක්

2016 ජිනීවා ජගත් කම්කරු සමුළුවේ ඇතුලත ගැන සම්මන්ත්‍රණයක්

ජිනීවා ජගත් කම්කරු සමුළුව: සේවක නියෝජනයේ කාර්යභාරය කුමක් විය යුතුද ? යනමැයෙන් විවෘත සම්මන්ත්‍රණයක් 2016 මැයි මස 15 වන ඉරිදා පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා කොළඹ කොටුව Colombo City Hotel හිදී (කොටුව ලෝක වෙළඳ සංකීර්ණය [WTC] ඉදිරිපිට) පැවැත්වේ.

“මෙම මැයි මස 30 දින සිට ජුනි මස 10 දින දක්වා ජිනීවා නුවරදී මුළු දෙන, ජගත් කම්කරු සංවිධාන මහා සමුළු ක්‍රියාවලිය ජගත් කම්කරු ව්‍යවස්ථාදායකයකට සමානය. මෙම සමුළුවට සහභාගි වියයුත්තේ කවුද? සාකච්චා කලයුත්තේ මොනවාද? මෙහි අන්තර්ගත කරනා මොනවාද? වැඩකරන පන්තියේ අභිලාශයන් මෙම ක්‍රියාවලිය තුල නියෝජනය කරන්නේ කෙසේද යන්න තවමත් අප රට තුල පළල් මහජන සංවාදයකට භාජනය වී නොමැත. ඒ සඳහා මෙම සමස්ත ක්‍රියාවලිය වැඩකරන පන්තියේ සංවාද පරිශ්‍රය තුලට ගෙන ආ යුතුව ඇත. වැඩකරන පන්තියේ හඬ මෙම තීරණාත්මක සහ සුවිශේෂී ගෝලීය කම්කරු පන්ති ක්‍රියාදාමය තුල නියෝජනය කරනු වස් වෙර දැරීම පිණිස විවෘත අවකාශයක් සැලසීම මෙම සම්මන්ත්‍රණයේ අපේක්ෂාවයි.”

මෙහිදී සම්මන්ත්‍රණය මෙහයවිම චතුර සමරසිංහ සමග නිලන්ති රණසිංහ විසින් සිදුකරනු ලැබේ.

ස්වාධීන වෘත්තීය සමිති ක්‍රියාධරයන් විසින් සංවිධානය කරන මෙම සම්මන්ත්‍රණයේ ඉඩ පහසුකම් සීමිත බැවින් ඔබේ පැමිණීම දුරකථන හෝ විද්‍යුත් තැපෑල හරහා මැයි 13

දිනට පෙර තහවුරු කරන ලෙස සංවිධායකයෝ ඉල්ලා සිටිති. දුරකථන අංකය – 071 8258898 (හරිප්‍රිය) This email address is being protected from spambots. You need JavaScript enabled to view it.