වතු කම්කරුවන්ට නිවාස තනා දීමට බ්‍රිතාන්‍යයට සදාචාර යුතුකමක් තිබෙනවා – වේලායුදම්

වතු කම්කරුවන්ට නිවාස තනා දීමට බ්‍රිතාන්‍යයට සදාචාර යුතුකමක් තිබෙනවා – වේලායුදම්

ලෝක කම්කරු සමුළුවේ මෙවර වැඩකරන ජනතාවගේ නිල නියෝජිත වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති කරුපයියා වේලායුදම් මහතා පසුගිය අඟහරුවාදා (9) දින ලාංකික වැඩකරන ප්‍රජාව වෙනුවෙන් සමුළුව ඇමතීය.

මෙවර සමුළුවේ ලාංකීය වැඩකරන ජනතාවගේ නායකත්වය හෙබවූ වේලායුදම් මහතාගේ උපදේශක කණ්ඩායමේ වෘත්තීය සමිති ගණනාවක් වූ අතර එය ජනතා විමුක්ති පෙරමුන, ශිලනිප, ලංකා වතු කම්කරු කොන්ග්‍රස්(CWC), එජාප, ලංකා සමසමාජ පක්ෂ වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ වලට අනුබද්ධ නොවූ නමුත් කලින් කලට පක්ෂ දේශපාලනයේ යෙදෙන සහ නොයෙදෙන සමිති නායකයින්ගෙන් සමන්විත වීම සුවිශේෂී වේ.

සමුළුව අමතමින් අදහස් දැක්වූ වේලායුදම් මහතා ප්‍රකාශ කලේ ශත වර්ෂ එකහමාරකට පසුව බ්‍රිතාන්‍යයන් සිය පරිපාලනය අත හරියත් ඉන්දීය සම්භවයක් ඇති ජනතාව යන එනමන් නැති සරණාගතයින් මෙන් අතරමන් කොට ඇති බවත්, දැන් මොවුන්ට රජයෙන් ඉඩම් ලබාදී තිබෙන නිසා මෙ අයට නිවාස ඉදිකරගැනීම සඳහා උපකාර කිරීමට බ්‍රිතාන්‍ය රජයට සදාචාරාත්මක වගකීමක් තිබෙන බව තමන් විශ්වාස කරන බවයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ වේලායුදම් මහතා ප්‍රකාශ කලේ තමුන් සමුළුව අමතන්නේ එජාප ජාතික වෘත්තීය සමිති සම්මේලනය නියෝජනය කරමින් බවයි. ඒ මහතාගේ කතාවේ සුවිශේෂී අවස්තාවන් පහත දැක්වේ.

වැඩකරන ජනතාව නගාසිටුවීම සඳහා හා ඔවුන්ගේ ගුණාත්මකභාවය පිලිබඳ කාරනාව සම්බන්ධයෙන් මම දැනට වසර 43කට තරම් ආසන්න කාලයක් පුරා ඉතා මහන්සිවී වැඩ කර තිබෙනවා.

ලංකාවේ තේ හා රබර් කර්මාන්තයේ වැඩකරන සේවකයින් බොහොමයක් බ්‍රිතාන්‍ය සමයේ ලංකාවට ගෙන්වූ ඉන්දීය සම්භවයක් ඇති සේවකයින්ගෙන් සමන්විත වනවා. ඔවුන් ලංකාවේ ආර්ථිකයේ සජීවී විදුලි වයරය ලෙස කටයුතු කරනවා. මොවුන් ඉටුකළ ප්‍රශංසා රහිත සේවයේ ප්‍රතිපලයක් ලෙස ලංකාවේ තේ වඩාත්ම ඉල්ලුමක් ඇති තේ බවට පත් කරන්න පූලුවන් වුනා. ඔවුන් තවමත් ඉතා උනන්දුවෙන් හා ඕනෑකමින් සිය සේවාවඉටු කරනවා. බ්‍රිතාන්‍යයන් වැවිලි ක්ෂේත්‍රය හා ආර්ථිකයේ අනෙකුත් අංශ ගොඩනැගුවත් වතු කම්කරුවන්ගේ ජීවන තත්වය තවමත් ඇත්තේ ඉතා කනගාටුදායක තත්වයකයි. පරිසරයේ දියුණුවක් තිබුණත් යටිතල පහසුකම් විශාල වශයෙන් දියුණු විය යුතුව තිබෙනවා.

මෙම සේවකයින් ශතවර්ෂ දෙකකට ආසන්න කාලයක් දුක් මහන්සි වී වැඩකලත්, නිවාස ලබාදී තිබුනත් තවමත් බිම් අඟලකට හෝ හිමිකම් කියන්නේ නැහැ.

මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයාගේ නායකත්වයෙන් යුතු රජය මෙම අවශ්‍යතාවය ඉතා කෙටි කලකින් ප්‍රමුඛතාවයක් ලෙස හඳුනාගෙන දැන් 245,000 කට ආසන්න වතු පවුල් සඳහා පර්චස් 7 බැගින් ඉඩම් කට්ටි ලබාදී තිබෙනවා. මෙම දහස් සංඛ්‍යාත ජනතාවගේ දුරස්ථ සිහිනය යතාවත් කිරීමට කටයුතු කිරීමට ගත් එඩිතර පියවර ගැන ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාටත්, අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් මම ස්තුතිවන්ත වනවා.

රැකියා ලෝකයේ නුතන වහල්භාවය තුරන් කිරීම උදෙසා ILO අධ්‍යක්ෂ ජනරාල් ගයි රයිඩර් මහතා රැගෙන ඇති සාධාරණ සන්කමන පරිශ්‍රමයට ද මාගේ ස්තුතිය පළකරනවා.

තමුන්ගේ සේවානියුක්ති ගිවිසුමේ ඇති කරනු නිසා සංක්‍රමණික සේවකයින් තමුන් දැනට වැඩකරන රටවල හා තම මව් රටවල විවිධාකාර ගැටලුවලට මුහුණ දෙනවා. පාර්ශවකරුවන් විසින් දැනට නිර්මාණය කර ඇති සම්මත සේවා ගිවිසුම හරහා සේවා නියුක්තියේ කොන්දේසි හා තත්වයන්, සේවාකාලය, ආහාර හා නවාතැන්, නිවාඩු, ස්ථාවර ප්‍රතිලාභ වැනි කාරනා ආවරණය වනවා.

මෙම සේවකයින් සඳහා ශිෂ්ඨ සේවා තත්වයන් සහතික කරනු වස් ILO ප්‍රමිතින්වල ප්‍රතිපාදන වලට අනුකුලව සකස් කොට ඇති මෙම සම්මත සේවා ගිවිසුම යොදා ගන්නාමෙන් මම අරාබි රටවලට ආයාචනය කරනවා.

වෘත්තීය සමිති වල ඉල්ලීමේ ප්‍රතිපාලයක් ලෙස රජය පුද්ගලික අංශ සේවකයින්ට අවම වැටුපක් සකස්කිරීමට එකඟතාව පලකලා. සමහර සේවායෝජකයින් මේ සඳහා දක්වන විරෝධය වැරදි වැටහිමකින් කරන දෙයක්. පුද්ගලික අංශ සේවකයින්ගේ අවම වැටුප් නිර්ණය කිරීමට රජයට ජාතිකමය වශයෙන් වැදගත් කාර්යභාරයක් තිබෙනවා.

අවිධිමත් අංශ සේවකයින් ආර්ථිකයට විශාල දායකත්වයක් සැපයුවත්, අපේ වෘත්තීය සමිති ආඥා පනතින් ඔවුන්ට සමිති හැදීමේ අයිතිය අහුරා තිබෙනවා. ඔවුනුත් සේවකයින් ලෙස සැලකීම ගැන මම ILOවට ස්තුති වන්ත වනවා.

අපේ රටේ ILO ශිෂ්ඨ රැකියා වැඩපිළිවෙල යටතේ අපගේ සම්මේලනය කටයතු රාශියකට සම්බන්ධවී තිබෙනවා. මෙ අතර විශේෂයෙන්ම සමාජ පාර්ශවකරුවන්ගේ දායකත්වයෙන් අධ්‍යාපන වැඩසටහන් සිදුකර තිබෙනවා. එලෙසම ත්‍රෛපාර්ශවීයත්වය සඳහා වන ILO සම්මුති අංක 144 හරහා පිහිටවූ ජාතික කම්කරු උපදේශක සභාව හරහා සිදුකොට ඇති අඛණ්ඩ සංවාද වල ප්‍රතිපලයක් ලෙස සාමජ පාර්ශවකරුවන් අතරඅවබෝධය මනා ලෙස වර්ධනය වී වැඩපොළ මට්ටමින් ගැටුම් හා අනවබෝධයන් අඩුවී තිබෙනවා.

අපට මුල්‍ය හා තාක්ෂණික ආධාර සැපයු ILO කොළඹ කාර්යාලයේ අධ්‍යක්ෂ ඩොන් ලිං ලි මහතාට තුති පුදකිරීමක් නැතිව මගේ කතාව සම්පුර්ණ වන්නේ නැහැ. අප මේවායින් සැලකිය යුතු දුරකට ප්‍රතිලාභ ලබා තිබෙනවා. මෙම සහාය මාගේ වෘත්තීය සමිතියට පමණක් නොව වතු අංශයේ සහ ඉන් පිටත නිදහස් වෙළඳ කලාප සමිතිවලටත් ලබා දී තිබෙනවා.

මෙම කතාවේ සම්පුර්ණ ඉංග්‍රීසි පිටපත මෙම සබැඳුම කලීක් කිරීමෙන් ලබා ගත හැක 

වැඩබිම