[VIDEO] ILOව ඓතිහාසික කම්කරු නිර්දේශයක් (Recomendation) සම්මත කරයි

[VIDEO] ILOව ඓතිහාසික කම්කරු නිර්දේශයක් (Recomendation) සම්මත කරයි

මෙවර කම්කරු සමුළුව තුලදී ලෝක කම්කරු සංවිධානය ඓතිහාසික කම්කරු ප්‍රමිතියක් නිර්දේශයක (Recommendation) ස්වරුපයෙන් සම්මත කර ගත්තේය. මෙමගින් ලොව ශ්‍රම බලකායෙන් හරි අඩකටත් වඩා සේවය කරන අවිධිමත් අංශයේ සේවය කරන ජනතාවට ශිෂ්ඨ සම්පන්න රැකියාවකට හිමිකම් කීම සඳහා සාමාජික රාජ්‍යයන් විසින් ඇවැසි නීති පැනවීම සඳහා මෙම නිර්දේශය සුවිශාල සේවයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙය ජගත් කම්කරු සංවිධානයේ ඉතිහාසය තුලදී අවිධිමත් අංශයේ සේවය කරන සේවකයින් ඉලක්ක කරගෙන නිර්මාණය කල පළමු ප්‍රමිතිය බවට පත්වේ. මේ හරහා අවිධිමත් අංශයේ සේවය කරන සේවකයින්ට විධිමත් අංශයේ සේවකයින් ගේ නෛතික රාමුව තුලට පිවිසීමට උපකාර වන මග විවර කර ගතහැකි බව විචාරකයෝ පවසති.

මෙම නිර්දේශය ලොව වැඩකරන විශාල ජන කොටසක් වෙතට කම්කරු නීති රැගෙන යෑමේ ඓතිහාසික පළමු ගෝලීය පියවර වන අතර මෙම අරගලය ඉදිරියට ගෙනයනු වස් සෑම වෘත්තීය සමිතියකටම විශාල කාර්යභාරයක් ඉටු කළයුතුව තිබෙනවා.

මෙම ප්‍රමිතිය සම්මත කල ඓතිහාසික අවස්ථාවේදී ජගත් කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අනෙකුත් ක්‍රියාකාරිකයින් පලකල අදහස් වල වීඩියෝ පහතින් සපයා ඇත.

https://youtu.be/gC3_2No9XBU

https://youtu.be/pR-zdeEqgZw

https://youtu.be/C2G51TvpCw0