[AUDIO] G 15 ප්‍රකාශනය ලංකාවේ කතාව වේ ! – කම්කරු අමාත්‍යංශයේ සහකාර ලේකම් විමලවීර

[AUDIO] G 15 ප්‍රකාශනය ලංකාවේ කතාව වේ ! – කම්කරු අමාත්‍යංශයේ සහකාර ලේකම් විමලවීර

ILO සමුළුව තුල ශ්‍රී ලංකා රජයේ චන්දබල හිමි නිල නියෝජිතයින් දෙදෙනා වෙනුවෙන් සමුළුව ඇමතීමේ අවස්තාව හිමි වූ කම්කරු අමාත්‍යංශයේ සහකාර ලේඛම් ආනන්ද විමලවීර මහතා පසුගිය 8 වනදා සිය කතාව ඉදිරිපත්කළේය.

මෙහි සුවිශේෂත්වය වුයේ ඒ මහතා විසින් කම්කරු විෂය පිළිබඳව ශ්‍රී ලංකාවේ මතය පළකිරීම වෙනුවට නොබැඳි සමුළුවට අයත් දියුණු වෙමින් පවතින රටවල් 17ක් නියෝජනය කරන G15 කණ්ඩායමේ ප්‍රකාශයක් කියවීමේ නිල අදහස් දක්වන්නාගේ කාර්යභාරයක් ඉටු කිරිමයි.

මෙහිදී G15 කණ්ඩායම වෙනුවෙන් නිකුත් කල ප්‍රකාශයක් කියවූ විමලවීර මහතා එම ලේඛනය හරහා මුලික වශයෙන් අවධාරනය කලේ ලෝක ආර්ථිකය නව කැලඹුම් කාරී තත්වයකට නැවත මුනුනදෙමින් පවතින බවත් විරැකියාව ඉහළයාමේ අවධානමක් පවතින බවත් දියුණුවෙමින් පවතින රටවලට මෙය බලවත්සේ බල පෑ හැකි බවත් මෙම තත්වය ජය ගැනු සඳහා ඒකාබද්ධ වැඩපිලිවෙලක අවශ්‍යතාවය ඉස්මතු කළේය.

Wimalaweera 2

විමලවීර මහතා කියවූ G15 කණ්ඩායමේ සම්පුර්න ප්‍රකාශයේ පිටපතක් මෙම සබැඳුම ක්ලික් කිරීමෙන් ලබාගත හැක

වැඩබිම