වැඩවර්ජන අයිතිය ලක් අධිකරණ හරහා කප්පාදු වනවා – ඇන්ටන් මාක්ස්

වැඩවර්ජන අයිතිය ලක් අධිකරණ හරහා කප්පාදු වනවා – ඇන්ටන් මාක්ස්

ලෝක කම්කරු සමුළුව තුලදී සේවකයන්ගේ සමාජ ආරක්ෂණය සම්බන‍ධයෙන් කරන සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ නිදහස් වෙළඳ කලාපවල සහ පුද්ගලික අංශයේ කම්කරුවන් වෙනුවෙන් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ඇන්ටන් මාර්කස් මහතා විසින් මුලාසනයේ අවසරය ඇතිව විශ්ෂ මැදිහත් වීමක් හරහා කරුණු ඉදිරිපත් කළේය.

මෙහිදී අදහස් පලකල මාක්ස් මහතා කියා සිටියේ: ශ්‍රී ලංකා ආණ්ඩුව අන්තර් ජාතික කම්කරු සංවිධානයේ සම්මුතීන් 40 ක් පමණ අපරාණුමත කරලා තිඛෙනවා. එයට අංක 87 සහ අංක 98 දරණ සාංගමික නිදහස සහ සාමුහික කේවල් කිරීමේ නිදහසට අදාල සම්මුතීන්නුත් අදාළ වනවා.

නමුත් මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන තත්වයක් තමයි පවතින්නේ. විශේෂයෙන්ම නිදහස් වෙළඳ කලාපවල සේවකයින්ට වෘත්තීය සමිති පිහිටුවා ගෙන කේවල් කිරීමට තිබෙන අයිතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන තත්වයක් තමයි තිඛෙන්නේ.

නිදසුනක් වශයෙන් ගන්නවා නම් බියගම නිදහස් වෙළඳ කලාපයේ ඇන්සල් ලංකා සමාගමේ සේවකයින් 2013 සැප්තැම්බර් මාසයේ සිට මේ වන තෙක් රැකියා වලින් නෙරපා තිබෙනවා. එයට හේතුව ඔවුන් තම අයිතීන් වෙනුවෙන් වැඩ වර්ජනයක නියැලීමයි. ඒ අනුව මෙය ලංකාවේ බරපතල ප්‍රශ්ණයක් බවට පැන නැගිලා තිඛෙනවා.

මෙම සම්මුතීන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම ගැන ලංකාවේ ව්‍යවස්ථාවේ සඳහන් වූවත්, නීතිය අනුව වැඩ වර්ජනය කිරීමේ අයිතිය තහවුරු කර තිබුණත්, මේ වන විට අධිකරණය විසින් ලබා දී ඇති නඩු නියෝග වල දී නීතියට වඩා ආයෝජකයන් ආරක‍ෂා කිරීම ගැන සහ රටේ සංවර්ධනය ගැන සිතමින් නියෝග දෙන තත්වයකට අධිකරණ පත්වෙලා තිඛෙනවා යැයි හැඟීමක් කම්කරුවන් තුල ඇති වෙලා තිඛෙනවා.

මෙය බරපතල ගැටලුවක් බවට ලංකාව තුල පැන නැගී තිබෙනවා. අන්තර් ජාතික කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් වැඩ බිමෙහි සහයෝගිතාවය නම් ව්‍යාපෘතියක් ආරම්භ කර ක්‍රියාත්මක වෙමින් පවතින බව දන්වා සිටීමට කැමතියි.

ඒ වගේම ලංකාව ගැන ලොව පුරා ප්‍රචාරයන් ගෙන යමින් තිබෙනවා, ලංකාව තමයි ආසියාවේ රටවල් අතුරින් වැඩිම නිවාඩු ප්‍රමාණයක් ලබා දෙන රට හැටියට. නමුත් එය සත්‍යයක් නොවේ. එය වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමක් බව මා ප්‍රකාශ කරමි.

නිදසුනක් හැටියට ගතහොත් පුද්ගලික අංශයේ සේවකයින්ට තිඛෙන්නේ වාර්ෂික නිවාඩු 14ක් පමණයි. නමුත් එම වාර්ෂික නිවාඩු 14 ඔවුන් විසින් උපයාගත යුතු නිවාඩු ලෙසයි තිඛෙන්නේ. එම නිසා ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම නිවාඩු තිඛෙන රටක් විධියට ප්‍රකාශ කරමින් ගෙන යන සාවද්‍ය ප්‍රචාරයන් බව මා මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි.

වැඩබිම