[VIDEO] ILO සමුළුව නිමාවේ – අධ්‍යක්ෂ ජනරාල්ගේ සමුළු සමාප්ති කතාව

[VIDEO] ILO සමුළුව නිමාවේ – අධ්‍යක්ෂ ජනරාල්ගේ සමුළු සමාප්ති කතාව

සති දෙකක් පුරා ජිනීවා නුවර මුළුදුන් ලෝක කම්කරු සමුළුව පෙරේදා (13) නිමාවට පත්විය.

මෙහිදී අදහස් දැක්වූ ILO අධ්‍යක්ෂ ජනරාල් ගයි රයිඩර් මහතා සිය සමුළු වාර්තාව හරහා අවධානය යොමු කල රැකි රක්ෂාවල අනාගතය යන මාතෘකාව සම්බන්ධයෙන් ලබාගත හැකි වූ ගෝලීය ප්‍රතිපත්තිමය එකඟතාව ගැන තතු දැක්විය. මෙම මාතෘකාව අරභයා විශේෂ සාකච්චාවක් පවතී අතර මෙහිදී ඉතා අඩු කාන්තා මැදිහත්වීමක් සිදුවීම පිළිබඳව ඒ මහතා කනගාටුව පල කලේය. මේ පිළිබඳව ඉදිරි කටයුතු සුදානම් කිරීම සඳහා ඒ මහතා ILO පාලක මණ්ඩලය වෙත වගකීම් පවරන බවද සඳහන් කළේය.

මෙහිදී වඩා වැදගත් වන්නේ මෙම පරිශ්‍රමය අප ක්‍රියාවට නංවන්නේද යන්න නොව එය ක්‍රියාවට නංවන්නේ කෙසේද යන්නයි ඔහු සඳහන් කළේය. මේ පිළිබඳව ඉක්මන් වැඩපිළිවෙලවල් රැසක් තමුන් සැලසුම් කර ඇති බව හෙතෙම පැවසිය. තවදුරටත් අදහස් දැක්වූ රයිඩර් මහතා මෙ පිළිබඳව කටයුතු කිරීම සඳහා ඉහළපෙලේ ලෝක කොමිසමක් පත් කිරීමේ ක්‍රියාවලිය ගැනද කරුණු පැහැදිලි කළේය. එලෙසම ILO වේ ශතවර්ෂ ප්‍රකාශනයටද මෙම මාතෘකාව මේවසරේ නොවැම්බර් මස දී ඇතුළු කිරීමට අදහස් කරන බව පැවසිය.

ILO අධ්‍යක්ෂ ජනරාල් ගයි රයිඩර් මහතාගේ සමාප්ති දෙසුමේ වැදගත් අවස්ථා මෙම වීඩියෝ සබැඳුමෙන් නැරඹිය හැක.

https://www.youtube.com/watch?v=129s8n6aFOA&feature=emb_logo