ILO මහ සමුළුවට යන අය කම්කරු අමාත්‍යංශය හංගයි

ILO මහ සමුළුවට යන අය කම්කරු අමාත්‍යංශය හංගයි

ජගත් කම්කරු සංවිධානයේ මහ සමුළුවට සහභාගිවන ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති නියෝජිතයින් කවුරුන්දැයි හෙළිදරව් කළ නොහැකි බව කම්කරු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ආර්.පී.ඒ විමලවීර මහතා පවසයි.

ජගත් කම්කරු සංවිධානයේ 104 වන මහ සමුළුව ජුනි මස 1 වන දින සිට 13 වන දින දක්වා ජිනීවා නුවරදී පැවැත්වේ.

මේ සඳහා සෑම සාමාජික රාජ්‍යයකින්ම සේව්‍ය, සේවක හා රජය යන ත්‍රෛපාර්ශවය නියෝජනය කරමින් නියෝජිත කණ්ඩායමක් එම රටවල බදු ගෙවන්නන්ගේ මුදලින් සහභාගි කෙරේ.

ඒ සඳහා සහභාගිවන සමිති නියෝජිතයින් කවුරුන්දැයි දැනගනු වස් ‘වැඩබිම’කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා කියා සිටියේ ඒ පිළිබඳ මාධ්‍යයට කරුණු අනාවරණය කිරීමට තමාට අවසරයක් නොමැති බවයි. හැකිනම් අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඒ පිළිබඳ විමසා දැනගන්නා ලෙසද අතිරේක ලේකම්වරයා පවසා සිටින ලදී.

එබැවින් මේ පිළිබඳ නිල වශයෙන් දැනගැනීමට අමාත්‍යංශ ලේකම්වරයා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයදී උත්සාහ කළද එකී උත්සාහය ව්‍යර්ථ විය. 

වැඩබිම