104 වන ජගත් කම්කරු සමේලනය නොහොත් වැඩකරන ජනතාවගේ ලෝක පාර්ලිමේන්තුව යන විරුදාවලිය හිමි ලෝක සමුළුව ඊයේ (01) දිනයේදීස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී උත්සවශ්‍රීයෙන් ආරම්භ වින. මේ සඳහා රටවල් 185ක වෘත්තීය සමිති, සේවායෝජක හා රාජ්‍යයන්ගේ නිල නියෝජිතයින් සහභාගී වන අතර ඔවුනට සමුළුවේදී තීන්දු තීරණ ගැනීමේ නිත්‍යානුකුල අයිතියක් හිමිවේ. මෙම ත්‍රෛපාර්ශවය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන්ද කණ්ඩායමක් සහභාගිවේ.

සමුළුව ආරම්භ කරමින් ජගත් කම්කරු සංවිධාන අධ්‍යක්ෂ ජනරාල් ගයි රයිඩර් මහතා අවධාරණය කර ප්‍රකාශ කර සිටියේ මේ වසර සමුළුව හරහා ලෝකයේ ප්‍රථම වතාවට අවිදිමත් ආර්ථිකයේ වැඩකරන ජනතාවට විදිමත් ආර්ථිකයක රැකවරණ සඳහා පරිවර්තනය වීමේ නෛතික රාමුව සලසන ජාත්‍යන්තර නිර්දේශයක් (Recommendation) සම්මත කර ගැනීමේ සුවිශේෂී අවස්තාවක් හිමිවන බවයි.

එලෙසම අධ්‍යක්ෂ ජනරාල් වරයා ප්‍රකාශ කර සිටියේ මෙම සමුළුව කම්කරු පන්තිය සුවිශේෂී අභියෝග මුහුණ දෙන අවස්තාවක සිදු වන අතර මෙම සමුළු ක්‍රියාවලිය හරහා ශ්‍රමිකයින්ගේ ජීවිත ආලෝකමත් කෙරෙන වෙනසකට මුලපිරීමේ ප්‍රභල හැකියාවක් සමුළුවේ ක්‍රියාකාරීත්වයෙන් ඉටු කල හැකි බවයි.

ලොව වැඩකරන ජනතාවගෙන් අර්ධයකටත් වඩා වැඩි සංඛ්‍යාවක් අවධිමත් ස්වරුපයේ තත්වයන් යටතේ කිසිදු හවූහරනක් රහිතව සේවය කරන තත්වයක් තුලදී ජගත් කම්කරු සංවිධානය මේ පිළිබඳව කටයුතු නොකරන්නේ නම් එහි කාර්යභාරයේ විශ්වසනීයත්වය අභියෝග කෙරෙන අතර මේ පිළිබඳව වෙහෙසවී කටයුතු කිරීමේ මුලික වගකීමක් තම සංවිධානයට ඇති බව ගයි රයිඩර් මහතා පැවසිය. ලෝක ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායන් අපගේ වැඩ කරන ජනතාවට ශිෂ්ඨ සම්පන්න රැකියා නිර්මාණය කරන ආයතන බවට පත් කිරීමේ වගකීමක් අප සතු බව හෙතෙම පැවසිය.

එලෙසම වැඩිදුරටත් අදහස් දැක්වූ රයිඩර් මහතා වසර 2008 දී ප්‍රකාශයට පත්කළ සමාජ යුක්ති ප්‍රකාශනය (Declaration on Social Justice) පදනම් කර ගනිමින් මෙම සමුළුවේදී මුලික කම්කරු අයිතවාසිකම් හා සමාජ ආරක්ෂණය පිළිබඳව විද්‍යානුකුල සාකච්චාවක් පැවැත්වෙන අතර මෙ හරහා වැටුප්, සෞඛ්‍ය හා ආරක්ෂාව , වැඩකරන පැය ගණන, මාතෘ ප්‍රතිලාභ යන කාරනා ආමන්ත්‍රණය කෙරෙන අතර මේවා ජගත් කම්කරු සංවිධානයේ මුලික වරමේ හදවත තුල තදින් මුල් බැස ගෙන ඇති කාරනා වේ. අප මෙම කාරනා ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් වුවහොත් නිසැකවම අනෙක් අය මේවා අතට ගනු ඇති අතර එවිට ජගත් කම්කරු සංවිධානය මෙන් ත්‍රෛපාර්ශවිය ප්‍රවේශය හා එකඟත්වයක් රහිතව මේවා ආමන්ත්‍රණය කිරීමට නිසැකව සිදුවන අතර එමනිසා මේවා ආමන්ත්‍රණය අප අනිවාර්යයෙන්ම සිදු කල යුතු වේ යයි හෙතෙම තදින්ම අවධාරණය කළේය.

වසර2015, 104 වන ජගත් කම්කරු සමුළුවේ මුළුදෙන වැදගත් තොරතුරු සඳහා වැඩබිම හා රැඳී සිටින්න.

https://youtu.be/UGAvIXcI84Q

සමුළුව විවෘත කිරීමේ අවස්ථාවේ චායාරුප:

ILC Opening 2015 1 400x266

ILC Opening 2015 1 400x266

ILC Opening 2015 1 400x266

ILC Opening 2015 1 400x266

ILC Opening 2015 1 400x266

ILC Opening 2015 1 400x266

ILC Opening 2015 1 400x266

ILC Opening 2015 1 400x266

වැඩබිම