කම්කරු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිත බව කම්කරු සහ කම්කරු සබඳතා අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ එරට පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට සහභාගි වීම සඳහා ඔහු ඊයේ පස්වරුවේ මෙරටින් පිටත්ව යාමට නියමිතව තිබුණි.

මෙවර සම්මේලනයේදී අමාත්‍යවරයා විසින් මෙරට ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ ක්‍රමවේද සම්බන්ධයෙන් සහ කුඩා කර්මාන්ත වල සේවය කරන සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත බව සඳහන්ය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ෂික සම්මේලනය රටවල් 185ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය. 

වැඩබිම