Image

ශීත ඍතුව අබියස යුරෝපයේ කොවිඩ් සටන

ශීත ඍතුව අබියස යුරෝපයේ කොවිඩ් සටන

වසංගත තත්ත්වය යටතේ එළැඹෙන දෙවැනි ශීත ඍතුවට යුරෝපය ළඟා වී සිටී. මහා පරිමාණ වශයෙන් එන්නත්කරණය සඳහා හැකියාව මෙන්ම සම්පත් තිබියදීත් කොවිඩ් 19 ආසාදනයට ලක් වන තැනැත්තන්ගේ වර්ධනයක් පෙන්නුම් කරමින් ඇති ලොව එකම කලාපය යුරෝපය බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පෙන්වා දී ඇත. ඔක්තෝබර් මාසයේ පටන්ම මෙම වර්ධනය දක්නට හැකි විය. එම පීඩාකාරී බලපෑම් නැඟෙනහිර යුරෝපයට මෙන්ම රුසියාවට ද දැනෙමින් තිබේ. තමන්ට අවශ්‍ය සියලු එන්නත් ඕනෑතරම් තිබියදීත් සිය අසල්වැසි රටවලට වඩා වසංගතය පාලනය කිරීමේදී යුරෝපා රටවලින් පසුපසින් සිටීම ගැන අවධානය යොමුව පවතී.

ජර්මනිය, බෙල්ජියම වැනි රටවල වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූයේය. බෙල්ජියම හතර වැනි රැල්ලට මුහුණපා සිටිතැයි සැලකේ. එරට වැඩිහිටි ජනගහනයෙන් 85%ක්ම එන්නත්කරණය සපුරා සිටී. කෙසේ වුවද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දුන්නේ රෝහල්ගත කිරීමට ලක්ව ඇති පුද්ගලයන්ගෙන් වැඩි දෙනා එන්නත් නොගත් අය බවය. නැඟෙනහිර හා බටහිර යුරෝපයේ එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකත්වයේ වෙනස්කම් ඇත. නැඟෙනහිර යුරෝපා රටවල රෝහල්ගත කිරීම් මෙන්ම මරණ සංඛ්‍යාව ද අඩුය. ඊට හේතුව එන්නත්කරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වය බව කිව හැකිය. සති දෙක, තුනකට පෙර පුද්ගල සංඛ්‍යාවට සාපේක්ෂව වැඩිම කොවිඩ් මරණ අනුපාතය වාර්තා වූයේ රුමේනියාවෙනි. එන්නත්වල හිඟයක් නැත ද එරට වැඩිහිටි ජනගහනයෙන් ඔක්තෝබර් අග වන විට එන්නත්කරණය සපුරා සිටියේ 40%ට අඩු ප්‍රතිශතයකි.

පසුගිය දිනවල යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි අවධාරණය කළේ වසංගතය පාලනය කිරීමට ඇත්තේ ක්‍රම 2ක් බවය. ඒ එන්නත්කරණය හෝ ලොක්ඩවුන් කිරීමය. ඒ සමඟම ඔහු පවසා තිබුණේ තමන් ලොක්ඩවුන් කිරීමට මුළුමනින්ම එකඟ නොවන බවය. හේතුව එමඟින් ආර්ථිකයට ඇතිවන බලපෑම බව ඔහු පෙන්වා දී තිබිණි. සති කිහිපයකට පෙර දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 600 ඉක්මවන විට පාසල් වසා දැමීමට ද පොදු ප්‍රවාහනය භාවිත කිරීමට නම් එන්නත් ලබා සිටීම අනිවාර්ය බවට කොන්දේසි පැනවීමට ද යුක්රේනය පියවර ගත්තේය.

බූස්ටර් එන්නතක්

වසංගතය එළැඹි පසුව රුසියාවේ වැඩිම බලපෑම් වාර්තා වූයේ ද පසුගිය සති කිහිපයක් තිස්සේය. එක දිගට දින 10ක් රට ලොක්ඩවුන් කිරීම ද සිදුවිය. ඇතැම් දිනවල දෛනික මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා වාර්තා විය. රුසියානු බලධාරීන් අවධාරණය කළේ එන්නත් ලබාගැනීම සඳහා ජනතාව වගකීම් සහගත විය යුතු බවය. රුසියානුවන්ට එන්නත්කරණයට මැළිකමක් දැක්වීම වසංගත ව්‍යාප්තිය ඉහළ යාමට හේතු වී ඇතැයි පෙනෙන්නට තිබිණි.

බටහිර යුරෝපයෙන් වාර්තා වන වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බ්‍රිතාන්‍යයෙන් වාර්තා විය. එසේ වූයේ ගිම්හාන ඍතුවේදී එරට, වසංගතය පාලනය කිරීමේදී සාර්ථකත්වයන් අත්කරගෙන සිටි පසුබිමකය. එන්නත් ලබා ගැනීම, මුව ආවරණ පැලැඳීම වැනි කොන්දේසි යළි ක්‍රියාවට නැංවීම පිළිබඳ බලධාරීන් උනන්දු විය යුතු බවට වාර්තා පළ විය. කෙසේ වුවද රෝහල්ගත කිරීම් හෝ මරණ සංඛ්‍යාවේ ඉහළයාමක් ඇති බව රජය පිළිගෙන නැත. අගමැති මොරිස් ජොන්සන්, වයස අවුරුදු 50ට වැඩි ජනගහනයෙන් ඉල්ලා සිටියේ, බූස්ටර් එන්නත ලබාගැනීමට යොමුවන ලෙසය. Ay 4.2 ඩෙල්ටා නව ප්‍රභේදය පිළිබඳ පර්යේෂණ ද පැවැත්වෙමින් ඇත. යුරෝපයෙන් වැඩිම එන්නත්කරණ අනුපාතය වාර්තා වන්නේ ද එක්සත් රාජධානියෙනි. එය 92%කි.

ජර්මනියේ වාර්තා වන දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 65,000 ඉක්මවා ඇති පසුබිමක සිව් වැනි රැල්ල විසින් එරටට පීඩනයක් එල්ල කරමින් ඇති බව චාන්සලර් ඇන්ජලා මර්කෙල් පවසයි. උද්ගතව ඇති තත්ත්වය යටතේ සෞඛ්‍ය රෙගුලාසි දැඩිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය ද පාර්ලිමේන්තුවෙන් ලැබී තිබේ. ඒ යටතේ, පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී එන්නත් ලබා සිටීම හෝ පරීක්ෂාවන්ට ලක්ව තිබීම අත්‍යවශ්‍යය. සිව් වැනි රැල්ලෙන් ජර්මනියේ වැඩියෙන්ම බලපෑමට ලක්ව ඇති ප්‍රදේශය සැක්සන්ය. එහි අගනගරය වන බ්‍රෙස්ඩන් ජර්මනියේ අඩුම එන්නත්කරණ අනුපාතය මෙන්ම වැඩිම ආසාදිත අනුපාතය වාර්තා වන ප්‍රදේශයයි. ඉකුත් මාසයට සාපේක්ෂව ‍ෙබ්‍රස්ඩන් හි වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 14 ගුණයකින් ඉහළය. බැවේරියාහි ද වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවෙමින් ඇත.

මෙවැනි පසුබිමක ජර්මනියේ ඇතැම් රෝහල්වල සම්පූර්ණ ධාරිතාව ඉක්මවා ඇතැයි ද වාර්තා වේ. එන්නත්කරණය මඟහැර සිටින පුද්ගලයන් වසංගත ව්‍යාප්තිය දරුණු අතට හැරවීමට හේතු වී ඇතැයි ද පෙන්වා දී තිබේ. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද ඔවුන් අතරය. එසේම වසංගත තත්ත්වය යටතේ ඔවුන්ට සිය ජීවිතය දුෂ්කර එකක් බවට පත්ව තිබේ. එන්නත් ලබා නොගත් අයට ජර්මන් රජය දැඩි සීමා පනවා ඇත.

 
 

නත්තල් සමය එළැඹෙමින් තිබියදී, පවතින තත්ත්වය පාලනය කරගැනීමට ගත යුතු පියවර ගනිමින් පවතී. ඇතැම් ප්‍රදේශවලට බලපාන පරිදි ලොක්ඩවුන් රෙගුලාසි ලිහිල්ව ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද චාන්සලර්වරියගේ අවධානය යොමුව ඇතැයි වාර්තා විය. නගර ප්‍රධානීන් අමතමින් ඇය දින කිහිපයකට පෙර ප්‍රකාශ කළේ කොවිඩ් සිව් වැනි රැල්ල තම රටට මුළු බලය යොදා පහර දෙමින් ඇති බවය.

මේ අතර, වසරකට එන්නත් මාත්‍රා බිලියනයක් නිපදවීමට අරමුණු කර ඇතැයි අමෙරිකාව පවසා තිබිණි. වසංගත රෝග විශේෂඥ ඇන්තනි ෆෝසි පෙන්වා දෙන්නේ එන්නත්කරණය මඟින් ලබන වසර වන විට අමෙරිකාව වසංගතය පාලනය කරනු ඇති බවය.

එන්නත්කරණය මෙන් පුද්ගල චර්යාවන් යහපත් අයුරින් පවත්වා ගැනීම මත ඉතාලියට සිව් වැනි රැල්ලක බලපෑම් පාලනය කර ගැනීමට හැකිවනු ඇතැයි වාර්තා පළ වේ. දැනටමත් සිව් වැනි වටය ඇරැඹී තිබුණ ද එය පාලනය කර ගැනීමට හැකියාව ලැබී ඇති බව ඉතාලි රජයේ සෞඛ්‍ය උපදේශකයෙකු මෙන්ම වසංගත රෝග විශේෂඥයකු වන වෝල්ටර් පිසියාස් පවසා තිබිණි. සෙසු යුරෝපා රටවලට තරම්, සිව් වැනි රැල්ලේ පීඩාව ඉතාලියට බල නොපානු ඇතැයි ඔහු පවසන්නේ විශ්වාසයෙනි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි ඉතාලිය වසංගතයේ සිව් වැනි රැල්ලට මුහුණදෙමින් සිටින්නේ ඉකුත් ජුලි මාසයේ පටන්ය. එසේ වුවද එන්නත්කරණ වැඩපිළිවෙ‍ෙළ් සාර්ථකත්වය සහ ජනතාවගේ වගකීම් සහගත හැසිරීම හේතුවෙන් එරටට එය පාලනය කරගැනීමට හැකි වී ඇතැයි ද ඔවුහු ‍පවසති.

ගිම්හානය ගෙවී යාමෙන් පසුව අර්ධ වශයෙන් රට ලොක්ඩවුන් කිරීමට පියවර ගත් පළමු බටහිර යුරෝපා රාජ්‍ය වශයෙන් නෙදර්ලන්තය එම ක්‍රියාමාර්ගය ආරම්භ කළේ ඉකුත් සෙනසුරාදාය. ඉදිරි දින හෝ සති කිහිපය වන විට තවත් රටවල් එවැනි තීරණවලට එළැඹීමට ඉඩ ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති පරිදි ඉකුත් සතිය තුළ යුරෝපා මහාද්වීපයේ නව ආසාදිතයන් සංඛ්‍යාව 7%කින් ද කොවිඩ් මරණ සංඛ්‍යාව 10%කින් ද ඉහළ ගොසිනි. පෙනී යන පරිදි යළිත් වරක් වසංගත ව්‍යාප්තියේ කේන්ද්‍රය බවට යුරෝපය පත්ව තිබේ. ගෝලීය වශයෙන් වාර්තා වන නව ආසාදිතයන්ගෙන් මිලියන 2කට ආසන්න සංඛ්‍යාවක් යුරෝපා රටවලිනි.

පස්වැනි රැල්ලක්

එන්නත්කරණයට මෙන්ම අනෙකුත් සෞඛ්‍ය රෙගුලාසි සඳහා ද එකඟ නොවන පුද්ගලයන් වසංගත අවදානම ඉහළ දැමීමට ඍජුව දායක වන බව පැහැදිලි කාරණයකි. ඉතාලියේ ඉකුත් සතියේ රෝහල්ගත කළ තැනැත්තන් අතරින් 90%ක්ම එන්නත් ලබා නොගත් අයය. එසේම විරෝධතා ක්‍රියාමාර්ගවලට සහභාගි වූ අයය. වසංගතයේ අඳුරු අවධියකට යළි එළැඹීමට ඉඩ නොතැබිය යුතු බව සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහසය. එවැනි අභාග්‍යසම්පන්න තත්ත්වයන් වළක්වා ගැනීමට නම් වගකීම් සහගතව ක්‍රියාකිරීම අත්‍යවශ්‍යය. එන්නත් ලබාගැනීම මෙන්ම නිසි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම විය යුතුය. ඇතැම් යුරෝපා රටවල සෞඛ්‍ය රෙගුලාසිවලට එරෙහි පවා විරෝධතා ඇතිවිය. පුද්ගල නිදහස වෙනුවෙන් හඬ නඟමින් මෙවැනි විරෝධතාවලට රොක්වන පිරිස් සමස්ත සමාජයම අවදානමට ගෙන යන බව මෙතෙක් වාර්තාවන සිද්ධීන් හා සංඛ්‍යා දත්තවලින් වුවද පැහැදිලිය. එබැවින් ඊට ඉඩ තැබීම යනු අභාග්‍යසම්පන්න තත්ත්වයකි. යුරෝපයේ රටවල් බොහොමයක් සිව් වැනි රැල්ලේ අවදානම දකිමින් තිබියදී ප්‍රංශයට පස් වැනි රැල්ලේ අවදානමට මුහුණදීමට සිදුව ඇත. එරට සෞඛ්‍ය ඇමැති ඔලීවියර් වෙරාන් ඉකුත් දා ප්‍රකාශ කළේ ප්‍රංශය පස් වැනි රැල්ලේ ආරම්භයට ළඟා වී ඇති බවය. ජනාධිපති එමැනුවෙල් මැක්‍රන් පවසන පරිදි දෙසැම්බර් 15 වැනිදා සිට බලපැවැත්වෙන අයුරින් තුන් වැනි වසංගතයේ අඳුරු අවදියකට යළි එළැඹීමට ඉඩ නොතැබිය යුතු බව සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහසය. එවැනි අභාග්‍යසම්පන්න තත්ත්වයන් වළක්වා ගැනීමට නම් වගකීම් සහගතව ක්‍රියාකිරීම අත්‍යවශ්‍යය. එන්නත් ලබාගැනීම මෙන්ම නිසි සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීම විය යුතුය. ඇතැම් යුරෝපා රටවල සෞඛ්‍ය රෙගුලාසිවලට එරෙහිව පවා විරෝධතා ඇතිවිය. පුද්ගල නිදහස වෙනුවෙන් හඬ නඟමින් මෙවැනි විරෝධතාවලට රොක්වන පිරිස් සමස්ත සමාජයම අවදානමට ගෙන යන බව මෙතෙක් වාර්තාවන සිද්ධීන් හා සංඛ්‍යා දත්තවලින් වුවද පැහැදිලිය. එබැවින් ඊට ඉඩ තැබීම යනු අභාග්‍යසම්පන්න තත්ත්වයකි. යුරෝපයේ රටවල් බොහොමයක් සිව් වැනි රැල්ලේ අවදානම දකිමින් තිබියදී ප්‍රංශයට පස් වැනි රැල්ලේ අවදානමට මුහුණදීමට සිදුව ඇත. එරට සෞඛ්‍ය ඇමැති ඔලීවියර් වෙරාන් ඉකුත් දා ප්‍රකාශ කළේ ප්‍රංශය පස් වැනි රැල්ලේ ආරම්භයට ළඟා වී ඇති බවය. ජනාධිපති එමැනුවෙල් මැක්‍රන් පවසන පරිදි දෙසැම්බර් 15 වැනිදා සිට බලපැවැත්වෙන අයුරින් තුන්වැනි මාත්‍රාව ලබා නො‍මැති වයස අවුරුදු 65 ඉක්මවූ සහ අවදානම් කාණ්ඩවල පුද්ගලයන් තවදුරටත් ‘සෞඛ්‍ය බලපත’ ලබා ගැනීම සඳහා සුදුසුකම් නොලබනු ඇත. ඒ සමඟම බූස්ටර් මාත්‍රාව ලබාදීමේ වයස අවුරුදු 50 සිට ඉහළට වශයෙන් පුළුල් කිරීම ද සිදු විය.

කෙසේ වුවද ලෝකයේ සැලකිය යුතු විශාල රටවල් සංඛ්‍යාවක් තවමත් එන්නත්කරණයේ සතුටුදායක ප්‍රගතියක් අත්කරගෙන නොමැති පසුබිමක ධනවත් රටවල් බූස්ටර් මාත්‍රාවක් ලබාදෙමින් සිටීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මනාපයට හේතු වී නැති බව පැහැදිලි වේ. එන්නත්කරණයේදී සමානාත්මතා ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ලෝකයට තවත් දුර යෑමට සිදුව ඇති බව යථාර්ථයයි.

මූලාශ්‍රය -දිනමිණ

 

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image