ලංකාවේ වැඩකරන සමස්ත ශ්‍රම බලකාය තුළ කර්මාන්ත ශාලා,වතු ක්ෂේත්‍රය,ස්වයං රැකියා හා සංක්‍රමණික ගෘහ සේවයේ වැඩි වශයෙන් සේවය කරන්නේ කාන්තාවන්ය.
කාන්තාව යනු මෙරට ආර්ථිකයට සෘජුවම දායකත්වය සපයමින් ඩොලර් උපයන ශ්‍රමය වපුරුවන නිවසේ මැෂිමක් සේ සියළුම බර උසුලමින් සිය සේවය රටට දායාදකරනවා සේම මවක්,දුවක්,නැගෙණියක්,සහෝදරියක් ලෙසින් සිය පවුලට ඉටුවිය යුතු මෙහෙයද නිබදව ඉටුකරමින් සිය වගකීම් ඉටුකරන දිරිය ගැහැණියකි.
ලෝකයම පිළිගන්නාවූ ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන මාර්තු 08 අද වැනි දවසකට හෝ වැඩකරන කාන්තාවට නිවාඩුවක් නොමැත.ඇය වෙනුවෙන් යෙදී තිබෙන දිනයකදී පවා වැඩකරන අපේ ගැහැණිය සිය සේවය රටේ ආර්ථිකය වෙනුවෙන් කැපකරනු ලබයි.සෑම වර්ෂයකම පාහේ යෙදෙන කාන්තා දිනය වසරින් වසර විවිද වූ තේමාවන්ගෙන් සමරන නමුත් වර්තමානවනවිට එය ජාත්‍යන්තර කාන්තා දිනය ලෙසින් සැමරීම විනා කාන්තාවන් වෙනුවෙන් කතාකරන කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින හෝ කාන්තාවගේ අගය සමස්ත සමාජයට පසක් කරන දිනයක් ලෙස සැමරීමක් සිදුවනවාද යන්න ගැන ඇත්තේ ප්‍රශ්නාර්ථයකි.
-
මිනිස් වෙළඳාමට එරෙහි ජාත්‍යන්තර දිනය - විවිධාකාරයෙන් මිනිසුන් සූරාකන මිනිස් වෙළඳාමට එරෙහි වෙමු
-
ස්ත්රීන්ගේ ලේ කදුළු මතින් ජාතන්තර කාන්තා දිනය සැමරෙන වසරක්
-
වැඩබිම තුළ කාන්තාවට හිංසනය හා ප්රචන්ඩත්වයෙන් තොර වසරක් පතමු !
මක් නිසාද සෑම වර්ෂයකම කාන්තා දිනය සැමරීම සිදු කළත් එය එක් දිනයකට පමණක් සීමා වී තිබෙන අතර ඉතිරි දින සියල්ල තුළම කාන්තාවන් විදින දුක් ගැහැට අපමණයි.මා නියෝජනය කරන ඇඟළුම් ක්ෂේත්‍රය තුළ කාන්තාවන් විශාල ප්‍රමාණයක් රටේ ආර්ථිකයට ඩොලර් උපයා දීම වෙනුවෙන් ශ්‍රමය වගුරුවන නමුත් ඔවුන්ගේ සේවයට නිසි ඇඟයීමක් හෝ නිසි තැනක් තවමත් ලැබී නොමැත.
තවමත් පොදු සමාජය ඇඟළුම් සේවිකාවන් දෙස බලන්නේ වපර ඇසිනි.ඇය ගාමන්ට් කෙල්ල,කෑල්ල,බඩුව යන විවිද වූ නම් රාශියක් පටබැදුනු කාන්තාවකි.නමුත් ඔවුන් රටේ ආර්ථිකය කරන්නාවූ මෙහෙය ගැන කිසිවෙකු කතා නොකරයි.මෙයයි වර්තමාන තත්ත්වය .මෙවැනි වටපිටාවක කාන්තා අයිතිවාසිකම් කතාකරන කාන්තාවගේ අගය කතා කරන එක ජාත්‍යන්තර දිනයක් පමණක් තිබීම ප්‍රමාණවත්ද?එසේත් නොමැති නම් වසරේ සෑම දිනයකම කාන්තාව ඇගයීම කළ යුතු නොවේද?
වර්තමානය වන විට කාන්තාව රැකියා අරගලයක මෙන්ම ආර්ථික අස්ථාවරත්වය මත ජීවන අරගලයකද නිරතවෙයි.මක් නිසාද ගෑස් හිඟය,අත්‍යාවශ්‍ය ආහාරවල හිඟය,ඉන්දන හිඟය නිසාත් කාන්තාවන් සෘජුවම හා වක්‍රාකාරව ගැටළු රාශියකට මුහුණ දෙයි.බඩු මිල ඉහල ගිහින් උයාගන්න එලවලුවක් ගන්න හාල් කිලෝ එකක් පොල් ගෙඩියක් ගන්න බැරිව ලමයිත් එක්ක හාමතේ දුක් විදින අය කොච්චර ඉන්නවද අද ස්ත්‍රි පුරැෂ සමානාත්මතාවය කතා කරන්නට කලින් කතිකා ගොඩ නැගිය යුත්තේ බඩ ගෝස්තරය රැක ගන්නට වෙර දරන කාන්තාවන් ගැනයි. තිරසාර හෙටක් නිර්මාණය කරන්නට නමි අද දිනය යහපත් විය යුතුමයි
නිදහස් වෙළද කපාපවල දුක් විදින ශ්‍රමය කැප කරන කාන්තාවන් එදා කලාප ආරම්භයේ හැදින්වුයේ ජුකි කැල්ල / බඩුව /ගාමන්ටි කැලි යන අනුවර්ත නාමයන්ගෙන්. පඩි පත හොරැ අරන් දුවද්දි පාරේ ලයිටි කපලා රත්තරං මාල කඩාගෙන යද්දි නොයෙක් ආකාරයේ හිංසනයන්ට ලක් වෙද්දි අන්නාසි කොටුවල කුණු බාල්දි වල උපන් බිලිද දමාගිය කාලය කමිකරැ කාන්තාවන් යමිතාක් දුරකට වෙනස් ධනවාදී ආකල්ප වලින් ඔවුන්වත් සමාජත් වෙනස් කරන්නට සිවිල් සමාජ වෘත්තිය සමිති ගනු ලැබු උත්සාහයක ප්‍රතිපල විදිහට අද පඩිපත බැංකුවට යනකොට අවුරුදු ගනන් ඉල්ලපු කැම එක යුනිෆෝම් එක සපත්තු එක්කම දැන් ලැබෙනව.
ටීෂර්ට් වල ආයතනයේ නම ගහලා,ප්‍රවාහනයේද ආයතනයේ නම ගහලා අද කම්කරුවන් ස්මාර්ට් කරලා ආයතන සන්නාම කරුවන් ඉහල තලවල තියලා තිබෙනවා.නමුත් ඒ සේවකයින්ට ජීවත්වීමට තරම් ව්සරිලන වැටුපක් හෝ ගෞරාන්විත රැකියා පරිසරයක් නෑ.දිමනා ලබා දුන්නද ඒවා ලබා ගන්න එතරම් ලෙහෙසි පහසු නෑ.ඒවා උපයාගන්න රැයක් දවාලක් නොමැතිව,කුසට හරිහමන් අහරක් නොමැතිව,නින්දක් නොමැතිව දහඩිය මහන්සියෙන් මහා සටනක යෙදිය යුතුයි.එලෙස රැකියා අරගලයක යෙදෙන කාන්තාවන්ට පවුල ජීවත් කිරීම සඳහා ජීවන අරගලයකද නිරතවෙන අතර නිතැතින් විශාල දුක්කම්කටොළු රැසකින් හෙම්බත්වී සිටියි.ජාත්‍යන්තර කාන්තා දිනයකදි අපි කතාකළ යුත්තේ මේ කාන්තාවන්ගේ නිදහස, අයිතිවාසිකම් නොවෙද?
සටහන -නෙළුම්මලී දේවසිංහ
නිමි භාණ්ඩ ඇඟළුම් හා රෙදිපිලි සේවක සංගමය