ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි
ලබන 08 වන සඳුදා දිනයේ සිට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවරගෙන තිබේ.
 
පෞද්ගලික බස් සංගම් විසින් 08වන දින සිට වර්ජන ක්‍රියාමාර්ගයකට යොමුවන බවට ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙන් මෙම පියවර ගත් බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.
 
ඒ් අනුව පෞද්ගලික බස්වර්ජනය හේතුවෙන් මගී ජනතාවට එල්ල වියහැකි බලපෑම අවම කිරීම සඳහා යළි දැනුම්දෙන තුරු ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරිමට පියවර ගත්බව සභාපතිවරයා කියා සිටියි.
 
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු සියලුම බස් රථ එදින සිට ධාවනයට යෙදවීමට ද තීරණය කර ඇති බවද කිංස්ලි රණවක මහතා පෙන්වාදෙයි.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේද සඳහන් කළේය.
 
 "කොළඹ නගරය තුළ 'සිටිබස්' සේවාව තවදුරටත් වර්ධනය කර බස් රථ ප්‍රමාණය වැඩි කරන්නට මේ වනවිට සැලසුම් කරමින් යනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම මිලියන 85ක් පමණ තිබුණත් කොවිඩ් වසංගතයත් සමග එය මේ වනවිට මිලියන 55ක තත්ත්වයක තමයි තියෙන්නේ,"