තවත් උපාධිධාරීන් රැසක් රාජ්‍ය සේවයට කඩිනමින් බඳවා ගැනීමට සූදානම්

තවත් උපාධිධාරීන් රැසක් රාජ්‍ය සේවයට කඩිනමින් බඳවා ගැනීමට සූදානම්

ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් 700 ක් රැකියා විරහිතව සිටින බව දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි .

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේ , ඔවුන් කඩිනමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

පළමු අදියරේදී පුරප්පාඩු 176 ක් සඳහා ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වනවිටත් පවත්වා අවසන් ය.

ඔවුන්ට පත්වීම් ප්‍රදානය ඉදිරි දෙසතිය ඇතුළත සිදුකරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ සෙසු පිරිස ද කඩිනමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවයි.