රට තුළ කොවිඩ් අවදානම ඉහළ ගිහින් -PHI සංගමයෙන් අනතුරු හැඟවීමක්

රට තුළ කොවිඩ් අවදානම ඉහළ ගිහින් -PHI සංගමයෙන් අනතුරු හැඟවීමක්
කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් රට තුළ කොවිඩ් -19 අවදානම දැඩි ලෙස ඉහළගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙම වසංගත තත්ත්වය පාලනය කිරීමේදී මහජනතාවගේ කැපවීම අත්‍යවශ්‍ය වන බවයි.
 
තවද, මෙරට තුළ කොවිඩ් අවදානම ඉහළ යාම හේතුවෙන් මින් ඉදිරියට නිරෝධායන නීති කඩකරන සහ සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මැලි නොවන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
 
අවමංගල්‍ය උත්සව සහ මංගල උත්සව පමණක් සෞඛ්‍ය උපදෙස් අනුව පැවැත්විය හැකි අතර මින් ඉදිරියට අනවශ්‍ය ගෘහස්ථ උත්සව සඳහා අවසර ඉල්ලන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට නොපැමිණෙන ලෙස ඒ මහතා මෙහිදී මහජනතාවට විශේෂයෙන් සිහිපත් කරන ලදී.