කොරෝනා නිසා විදේශයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට එයි

කොරෝනා නිසා විදේශයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට එයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට ඒමට නොහැකිව විදේසයේ සිරවී සිටි ලාංකිකයින් පිරිසක් අද දිනයේ කටුනායක ගුවන්තොටුපළවෙත පැමිණ තිබුණි.

ඒ අනුව ගුවන් යානා 09කින් ගුවන් මගීන් 701 දෙනෙකු මෙම කාලසීමාව තුළ කටුනායක ගුවන් තොටවෙත පැමිණි බවයි ගුවන්තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ.

මාලදිවයිනේ සිට ලාකිකයින් 102ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ලාංකිකයින් 78ක් එලෙස පැමිණි අය අතර වෙයි.

ගුවන් මඟීන් සියලුම දෙනා නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකිරීමට කටයුතු කර තිබුණි.