සබරගමුවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් 

සබරගමුවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් 
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සබරගමුව පළාතේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙමින් සිටියි.
 
පළාතේ ග්‍රාමෝදය සෞඛ්‍ය මධ්‍යස්ථාන ප්‍රාථමික වෛද්‍ය ඒකක බවට පත්කරමින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ නිල නිවාස සහ කාර්යාල අහිමි කිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළාය.
 
සිය ගැටලු සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමුකර ඒ සඳහා විසදුම් ලබාදෙන ලෙස ඔවුන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලයි.
 
එම ඉල්ලීම් විසඳීමට බලධාරින් කටයුතු නොකළහොත් ඉදිරියේ දී දීප ව්‍යාප්ත වෘත්තීය අරගලයකට යොමුවන බවද දේවිකා කොඩිතුවක්කු මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.