කොරෝනා අවදානම ඉහළ යාම නිසා සිඩ්නි නගරයේ කොටසකට සංචරණ සීමා

කොරෝනා අවදානම ඉහළ යාම නිසා සිඩ්නි නගරයේ කොටසකට සංචරණ සීමා
කොරෝනා අවදානම ඉහළ යාම නිසා සිඩ්නි නගරයේ කොටසකට සංචරණ සීමා පැනවීමට එරට රාජ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
 
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ජනගහණය වැඩිම ප්‍රාන්තයේ කොරෝනා ආසාදන ඉහල යාම නිසා  මෙලෙස ග්‍රේටර් සිඩ්නි කලාපයට දැඩි සංචරණ සීමා පනවා ඇත.
 
සිඞ්නි නගරයේ පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසකට ගෘහස්ථව එක්ව කටයුතු කිරීම මෙන්ම පුද්ගලයින් 300 කට වැඩි පිරිසකට උත්සව ශාලාවල රැස්වීම ද ලබන බදාදා වනතෙක් තහනම් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
 
රජය විසින් නිවේදනයක් නිකුත්කරමින් නගර වාසින්ට ප්‍රකාශකර ඇත්තේ ඉදිරි දින කිහිපය නිවෙස්වලම කාලය ගත කරන ලෙසයි.
 
නගරයේ උතුරු වෙරළබඩ ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමගම එම කලාපය දින 5කට වසාදමා  අතර ඒ හේතුවෙන් සිඩ්නි නගරයේ සමහර පිරිස් නගරය අතහැර වෙනත් ප්‍රදේශවලට යෑමට පෙළඹී ඇති බවත් සඳහන්.
 

එම නිසා ග්‍රේටර් සිඩ්නි  සහ නිව් සවුත් වේල්ස් හි මධ්‍යම වෙරළබඩ කලාපවල ජනතාවට වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුළුවීම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉඩනොදීමට තීරණය කර තිබේ.