එළැඹෙන නත්තලේ ඉතාලියට අගුළු වැටේ

එළැඹෙන නත්තලේ ඉතාලියට අගුළු වැටේ
එළඹෙන නත්තල් සමය සහ අළුත් අවුරුදු සමයේ සමස්ත ඉතාලියම අගුලූ දැමීමකට ලක් කිරීමට එරට රජය තීරණය කර තිබේ.
 
ඒ නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙනි. සති අන්තය ඇතුළු රජයේ නිවාඩු දිනයන් රතු කලාපයන් ලෙස නම් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. එම දිනවලදී ඉතාලි වැසියන්ට ගමන් කිරීමට අවසර ලබා දී ඇත්තේ සිය රැකියා සහ සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් පමණයි.
 

ඒ අනුව උත්සව සමයේ අත්‍යාවශ්‍ය නොවන සාප්පු, ආපනශාලා සහ මත්පැන් අලෙවිසැල් වසා දැමීමට නියමිතය.