කොරෝනා වෛරසයේ තවත් ප්‍රභේදයක් මතුවෙයි -ප්‍රවේශමෙන්!

කොරෝනා වෛරසයේ තවත් ප්‍රභේදයක් මතුවෙයි -ප්‍රවේශමෙන්!

එක්සත් රාජධානිය තුළ ඉතා වේගයෙන් ව්‍යාප්ත වන තවත් කොරෝනා වෛරස් ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙන බවට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ක්‍රිස් විටි ප්‍රකාශකර ඇත්තේ එක්සත් රාජධානිය තුළ ඉතා වේගයෙන් ව්‍යාප්ත වන තවත් කොරෝනා වෛරස් ප්‍රභේදයක් හඳුනා ගෙන තිබෙන බවත් එම වෛරස් ප්‍රභේදය පැතිර යාම වැළැක්විය හැක්කේ, පුද්ගල සම්ප්‍රේෂණය හැකිතාක් පාලනය කිරීම තුළින් පමණක් බවත් ය.
 
තවද මෙම සොයා ගැනීම් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත්කර තිබෙන බවත් වෛද්‍ය නිලධාරී ක්‍රිස් විටි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
 
එංගලන්තයේ දකුණු දිග ප්‍රදේශයෙන් මෙම නව වෛරස් ප්‍රභේදය හඳුනාගෙන තිබෙන අතර පසුගිය කාලවකවානුව තුළ කොරෝනා වෛරසය ආසාදිතයින් සැලකියයුතු මට්ටමකින් ඉහළ යාමට මෙම වෛරස ප්‍රභේදය හේතුවී තිබෙන බවයි.
 
එබැවින් ආරක්ෂා වීම සඳහා හැකිතාක් සංචරණය සීමා කරන ලෙසයි ජනතාවට සිහිපත්කර දී ඇත්තේ.
 
එමෙන්ම, එක්සත් රාජධානිය තුළ පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන්, එරට සිට පැමිණෙන මගී ගුවන් ගමන් තහනම් කිරීමට නෙදර්ලන්තය තීරණය කර තිබෙන බවත් සඳහන්.