එක්සත් රාජධානියේ සිට ගුවන්ගමන් තහනම් කිරීමේ ජාත්‍යන්තර ප්‍රවණතාවක් 

එක්සත් රාජධානියේ සිට ගුවන්ගමන් තහනම් කිරීමේ ජාත්‍යන්තර ප්‍රවණතාවක් 
එක්සත් රාජධානියෙන් නව කොරෝනා වෛරසයේ වෙනත් ප්‍රභේදයක් හමුවී ඇතැයි වාර්තාවීමත් සමග එරටින් සංචාරකයින් පැමිණීම තහනම් කිරීමට රටවල් කිහිපයක් තීරණය කර තිබේ.
 
එසේ හඳුනාගත් නව කොවිඩ්  ප්‍රභේදය ඉතා සීඝ්‍රයෙන් බෝවන බව ජාත්‍යන්තර වාර්තා උපුටා දක්වයි.
 
මේවන සිට නෙදර්ලන්තය සහ බෙල්ජියම ගුවන් ගමන් නවතා ඇති අතර එක්සත් රාජධානියේ සිට බෙල්ජියමට දුම්රිය පැමිණීමද තහනම් කර ඇත.
 
ඉතාලියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පැවසුවේ ඔවුන්ද එක්සත් රාජධානියට ගුවන් ගමන් තහනම් කිරීමට සැලසුම් කරන බවය. 
 
ප්‍රංශය, ජර්මනිය සහ අයර්ලන්තය ද එවැනි පියවරක් ගැනීමට සලකා බලමින් සිටින බව වාර්තා වේ. 
 

හඳුනාගෙන ඇති නව වෛරස් ප්‍රභේදය ලන්ඩනයේ සහ ගිනිකොණ එංගලන්තයේ ඉක්මනින් පැතිර ගොස් තිබේ.