සෞදි පැනවූ ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම ඉවත් කිරීමේ සූදානමක්

සෞදි පැනවූ ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම ඉවත් කිරීමේ සූදානමක්
බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය නිසා තාවකාලිකව පනවා තිබූ ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම ඉවත්කිරීමට සෞදි රාජ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
 
එම තීරණයට අනුව මාර්තු මස 31 වෙනිදා සිට එම තහනම ඉවත් කිරීමට පියවර ගන්නා බවයි සෞදි රජය නිවේදනය කර ඇත්තේ.
 

ඒ අනුව, සිය පුරවැසියන්ට විදෙස්ගත වීමට සහ වෙනත් රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා සෞදි අරාබිය වෙත පැමිණීමේ අවස්ථාව හිමිවේ.

එම සීමාවන් ලබන මාර්තු  මස 31 වනදා සිට ක්‍රියාත්මක වන අතර ඊට යටත්ව බ්‍රිතාන්‍යයේ සිට සෞදි අරාබියේ වෙත පුද්ගලයින්ට පැමිණීමේ හැකියාව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.