දිල්ලිය තවත් සතියකට සම්පූර්ණයෙන්ම අඟුළු වැටෙයි

දිල්ලිය තවත් සතියකට සම්පූර්ණයෙන්ම අඟුළු වැටෙයි
ඉන්දියාවේ නවදිල්ලි නුවර තවත් සතියක කාලයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට එරට රජය තීරණය කර තිබේ.
 
මීට පෙර නවදිල්ලි නුවර සම්පූර්ණයෙන්ම වසා දැමුණු අතර එය ඊයේ (26) දිනයේ අලුයම 05.00න්  අවසන් වීමට නියමිතව තිබුණද අදවන විට නවදිල්ලි නුවර පවතින කොරෝනා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් නැවත වරක් සතියක කාලයකට සම්පූර්ණැයෙන්ම අඟුළු දැමීමට බලධාරීන් කටයුතු කර ඇත.
 
කෙසේවෙතත් නවදිල්ලියෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ පසුගිය 24  වෙනි දින වාර්තා වූ අතර අදවනවිට දිල්ලියෙන් වාර්තාවෙන දඉනික කොරෝනා ආසාදිතයින් ගණනද ඉහළ යමින් පවතී.
 

ඒ අනුව මැයි මස 3 වනදා දක්වා නවදිල්ලි නුවර සම්පුර්ණයෙන්ම වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.