කොරෝනා අවදානම නිසා තුර්කිය සම්පූර්ණයෙන්ම අඟුළු වැටෙයි

කොරෝනා අවදානම නිසා තුර්කිය සම්පූර්ණයෙන්ම අඟුළු වැටෙයි
තුර්කිය තුළ කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් අද (29) සිට එළැඹෙන මැයි 13 දක්වා රට සම්පූර්ණයෙන්ම වසා තැබීමට එරට රාජ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
 
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි තුර්කි ජනාධිපති ටයිප් එර්ඩෝන්  ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, රට වසා දැමීමෙන් පසු නිවෙස්වලම රැඳී සිටින ලෙසයි.
 
සෞඛ්‍ය අශ ඉදිරිපත් කරන වාර්තා සැලකිල්ලට ගනිමින් විදෙස් පුවත් සේවා සඳහන් කරන්නේ සුගිය පැය 24 තුළ තුර්කියෙන් නව කොරෝනා ආසාදිතයින් 37,312 දෙනෙකු වාර්තා වී ඇති අතර ආසාදිතයින් 353 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති  බවයි.
 
ජනාධිපති ටයිප් එර්ඩෝන් රට වසා දැමීමේ නිවේදනය සිදු කරමින්නගර අතර ගමන් කිරිම සඳහා අනුමැතිය ලබා ගත යුතුව ඇති බවත්, සියලුම පාසල් වසා දමා අන්තර්ජාලය ඔස්සේ අධ්‍යන කටයුතු සිදු කරන ලෙසදැනුම්දී ඇත.
 
අත්‍යාවශ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම, වෛද්‍ය ප්‍රතිකාර වැනි අත්‍යාවශ කටයුතු සඳහා හැර සාමාන්‍ය වැසියන්ට නිවෙස්වලින් බැහැර යාමට අවසර හිමි නොවනු ඇති.
 
මීට අමතරව හදිසි සේවාවල නිතර පිරිස්, ආහාර සහ නිෂ්පාදන අංශවල සේවයේ නිරත වන්නන් වැනි සීමාසහිත පිරිසකට පමණක් සිය සේවා කටයුතු වෙනුවෙන් නිවෙස්වලින් බැහැරව යා හැකි ය.
 

මීට සති දෙකකට පෙර තුර්කියට   සතියේ දිනවල රාත්‍රී 7 සි‌ට අලුයම 5 දක්වා රාත්‍රී ඇඳිරි නීතිය පැනවූ අතර සති අන්තයේ සම්පූර්ණයෙන් ම රට වසා දමමින් වෛරස ව්‍යාප්තිය පාලනයට දැඩි පියවර ගනු ලැබුව ද වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි වීම හමුවේ  ‌මෙලෙස රට සම්පූර්ණයෙන්  වසා දැමීමට තුර්කි බලධාරීන් තීරණය කර තිබේ.