මෙවර හජ් වන්දනාව ගැන සෞදි බලධාරීන් දැඩි තීරණයක

මෙවර හජ් වන්දනාව ගැන සෞදි බලධාරීන් දැඩි තීරණයක
මෙවර වාර්ෂික හජ් වන්දනාව සඳහ සෞදි වැසියන්ට හා සෞදියේ පදිංචිකරුවන්ට පමණක් සීමා කිරීමට තීරණය කර තිබෙන බව සෞදි රාජ්‍ය නිවේදනය කර තිබේ.
 
කොරෝනා වසංගතය ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති අවදියක සිය රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන සලකා මෙම තීරණය ගැනීමට බලධාරීන් කටයුතු කර ඇත.
 
මෙම තීරණයට අනුව හජ් වන්දනාව සඳහා සහභාගිවිය හැකි පිරිස 60,000කට සීමා කර ඇත.
 
වයස අවුරුදි 18-65 අතර කොරෝනා එන්නත ලබා ගත් සෞදි බැතිමතුන්ට පමණක් මෙම අවස්ථාව ලැබෙන අතර ඒ සම්බන්ධයෙන් මැකා හජ් වන්දනාව සම්බන්ධීකරණය කරන සෞදි අමාත්‍යාංශය නිවේදනයක්ද නිකුත් කර ඇත.