රුසියාවේ මොස්කව් අගනුවර වැඩ නොකරන සතියක්

රුසියාවේ මොස්කව් අගනුවර වැඩ නොකරන සතියක්
රුසියාවේ මොස්කව් අගනුවර තුළ වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ මොස්කව් අගනුවර නගරාධිපතිවරයා විසින්. මේ වන විට රුසියාව තුළ යලිත් කොරෝනා ව්‍යාප්තිය වේගවත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊයේ දිනයේදී එරටින් කොරෝනා ආසාදිතයින් 13,510 දෙනෙකු වාර්තා වී  තිබුණා. ඒ, කොරෝනා මරණ සංඛ්‍යාව 399 ක් ද සමගයි.
 

මේ අතර ඉන්දියාවේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව අඩු වුවද එරටින් දෛනිකව වාර්තා වන කොරෝනා මරන සංඛ්‍යාව තවමත් ඉහළ අගයක පවතිනවා. ඊයේ දිනයේදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 81,005 ක් වාර්තා වී තිබුණා. එරටින් ඊයේ වාර්තා වූ කොරෝනා මරන සංඛ්‍යාව 3,310 ක්.

මේ අතර නාසයට ඉසින කොරෝනා මර්දන ඖෂධයක් චීනය විසින් අත්හදාබැලීම ආරම්භ කර තිබෙනවා. එය මේ වන විට වෙළදපොළට නිකුත් කර ඇති එන්නත්කරණ ඖෂධ නවීකරණය කරමින් නිෂ්පාදනය කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුනේ. මේ වන විට රුසියාවද අවුරුදු 08 ත් 12 ත් අතර වයස් සීමාවල පසුවන ළමුන් සදහා නාසයට ඉසින කොරෝනා මර්දන ඖෂධයක පරීක්ෂණ සිදුකරමින් පවතිනවා. එය ලබන සැප්තැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිත බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.

මූලශ්‍රය -අරුණ