මේ අතර ඉන්දියාවේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව අඩු වුවද එරටින් දෛනිකව වාර්තා වන කොරෝනා මරන සංඛ්‍යාව තවමත් ඉහළ අගයක පවතිනවා. ඊයේ දිනයේදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 81,005 ක් වාර්තා වී තිබුණා. එරටින් ඊයේ වාර්තා වූ කොරෝනා මරන සංඛ්‍යාව 3,310 ක්.
මේ අතර නාසයට ඉසින කොරෝනා මර්දන ඖෂධයක් චීනය විසින් අත්හදාබැලීම ආරම්භ කර තිබෙනවා. එය මේ වන විට වෙළදපොළට නිකුත් කර ඇති එන්නත්කරණ ඖෂධ නවීකරණය කරමින් නිෂ්පාදනය කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුනේ. මේ වන විට රුසියාවද අවුරුදු 08 ත් 12 ත් අතර වයස් සීමාවල පසුවන ළමුන් සදහා නාසයට ඉසින කොරෝනා මර්දන ඖෂධයක පරීක්ෂණ සිදුකරමින් පවතිනවා. එය ලබන සැප්තැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිත බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.
මූලශ්‍රය -අරුණ
