ඊශ්‍රායලයේ සාප්පු සංකීර්ණයක් අසල පිහි ඇනුමක් -සිව්දෙනෙක් මරුට

ඊශ්‍රායලයේ සාප්පු සංකීර්ණයක් අසල පිහි ඇනුමක් -සිව්දෙනෙක් මරුට
ඊශ්‍රායලයේ සාප්පු සංකීර්ණයක් අසලදී පුද්ගලයෙකු විසින් සිදුකළ පිහි ඇනුමක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සැකකරු විසින් පැදවූ මෝටර් රථයේ ගැටී තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.
මේ අතර සැකකරු විසින් සිදුකළ පිහිඇනුම් හේතුවෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉන් ඇතැමුන්ගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
 
111
මෙම සිද්ධිය වාර්තා වන්නේ ඊශ්‍රායලයේ බීර්ශෙබා ප්‍රදේශයෙන්. පිහිඇනුම් ප්‍රහාර එල්ල කළ සැකකරු බස්රථ රියදුරෙකු සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එලෙස මියගොස් ඇත්තේ ඊශ්‍රායල - අරාබි සම්භවයක් ඇති පුද්ගලයෙක්. අයි එස් සංවිධානයට සහය දැක්වීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වීම හේතුවෙන් එම සැකකරු මීට පෙර සිරගත කර සිටි පුද්ගලයෙකු ද වනවා.