ඇෆ්ගන් කාන්තාවන්ට අලුත් නීතියක්

ඇෆ්ගන් කාන්තාවන්ට අලුත් නීතියක්

ඇෆ්ගනිස්ථානයේ රුපවාහිනී නිවේදිකාවන් සහ රුපවාහිනී වැඩසටහන්වලට සහභාගී වන කාන්තාවන් රුපවාහිනී තිරය මත පෙනී සිටින අවස්ථාවලදී හිස ආවරණය කළ යුතු බව තලේබාන් සංවිධානය නීතියක් පනවා තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තලේබාන් පාලනය විසින් කාන්තාවන් නිවේදන කටයුතුවලින් ඉවත් කිරීමට උත්සහ දරන බව , නම් අනාවරණය නොකළ රුපවාහිනී නිවේදිකාවන් කිහිපදෙනෙකු විසින්ම පවසා ඇත.

මේ වන විට කාන්තාවන්ට එරෙහිව තලේබාන් සංවිධානය විසින් නීති රැසක්ම පනවා තිබේ.