අමෙරිකාවේ ළදරු කිරිපිටි හිඟය උග්‍ර වෙයි

අමෙරිකාවේ ළදරු කිරිපිටි හිඟය උග්‍ර වෙයි

අමෙරිකාවේ ළදරු කිරිපිටි හිඟය උග්‍ර අතට පත්ව තිබේ. ප්‍රාන්ත ගණනාවකම එම තත්වය උද්ගත වී ඇති බවයි, වාර්තා වන්නේ.

අමෙරිකාවේ ළදරු කිරිපිටි සහ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය කොවිඩ් අර්බුදයෙන් අනතුරුව, යම් කිසි පසුබෑමක් පෙන්නුම් කළේය. එරට සුප්‍රසිද්ධ ළදරු ආහාර නිෂ්පාදන සමාගමක් පසුගියදා ඔවුන්ගේ ළදරු කිරිපිටි සියල්ලම ආපසු කැඳවීමට ද තීරණය කළේය.

ඒ බැක්ටීරියා ආසාදනයක් සම්බන්ධ සිදුවීමක් හේතුවෙන්. එම නිසා අමෙරිකාව පුරා මේ වන විට විශාල ළදරු කිරිපිටි හිඟයක් උද්ගතව ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තාවල සඳහන්.