ස්පාඤ්ඤ වැසියන් වැඩි වැටුප් ඉල්ලා පාරට බසිති

ස්පාඤ්ඤ වැසියන් වැඩි වැටුප් ඉල්ලා පාරට බසිති
ස්පාඤ්ඤ වැසියන් දහස් ගණනක් එරට අගනුවර දී විරෝධතාවක නිරත වී තිබෙන අතර ඒ එරට ඉහළ යන උද්ධමනය මධ්‍යයේ වේතන සහ විශ්‍රාම වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලමිනි.
 
එරට ආහාර සහ ඉන්ධන මිල මෙන්ම නිවාස උණුසුම් කිරීම සඳහා වැය වන මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.
 
එළඹෙන සීත සමයේ දී එම තත්ත්වය වඩාත් දරුණු විය හැකි බවත්, ස්පාඤ්ඤය පසුගිය ජූලි මාසයේ දී වසර 40කින් පසු එරට ඉහළතම උද්ධමනය වාර්තා කර ඇති බවත් විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.
 

එරට වාර්තා වූ ඉහළම උද්ධමන අගය වූයේ 10.7%ක් වන නමුත්  ඔක්තෝබර් මාසයේ දී එරට උද්ධමනය 9%ක් ලෙස වාර්තා වී තිබේ.