දකුණු කොරියානුවන්ගේ වයසේ වෙනසක් ගැන රජයේ තීන්දුවක්

දකුණු කොරියානුවන්ගේ වයසේ වෙනසක් ගැන රජයේ තීන්දුවක්
දකුණු කොරියානු වැසියන්ගේ වයස සම්බන්ධ නව නීතියක් එළඹෙන වසරේ සිට බලාත්මක කිරීමට එරට රජය විසින් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.
 
එම නීතියට අනුව ඔවුන්ගේ පවතින වයස වසර දෙකකින් පමණ අඩුවනු ඇතැයි විශ්වාස කෙරෙයි
 
දකුණු කොරියානු වැසියන් ආකාර තුනක් යටතේ සිය වයස ගණනය කිරීම සිදුකරන අතර ඒ් ඒ, ජාත්‍යන් වයස, කොරියානු වයස සහ දින දර්ශක වයස ලෙසය.
මෙම ක්‍රමවේදය හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ වයස සම්බන්ධයෙන් ව්‍යාකූලතා ඇති වන බවත්, එම 
 
කොරියාවේදී වයස ගණනය කරන්නේ ඉපදුණු දිනය ද අවුරුද්දක් ලෙස සලකමින් වන බැවින් ජාත්‍යන්තර වයස අවුරුද්දක් වන දරුවෙකුගේ කොරියානු වයස අවුරුදු දෙකක් වීම නිතැතින් සිදුවෙයි.
 
මෙම ක්‍රමවේදය අනුව ජාත්‍යන්තර වයස අවුරුදු 20ක් වන පුද්ගලයෙකුගේ කොරියානු වයස අවුරුදු 21ක් වන අතර දින දර්ශක වයස අවුරුදු 22 ක් වෙයි.
 
මෙලෙස ක්‍රමවේද තුනක් අනුව දකුණු කොරියානු වැසියන්ගේ වයස ගණනය කිරීම සිදුවීමත් සමග එමගින් ව්‍යාකූල අවස්ථා ඇති විය හැකි බැවින් එළඹෙන වසරේ ජූනි මාසයේ සිට වයස ගණනය කිරීමේ දී ජාත්‍යන්තර ක්‍රමවේදය භාවිත කළ යුතු බවට නව නීතියකට එරට රජය එළඹ තිබේ.
 
වසර කිහිපයක වාද විවාද මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.