ළාබාලතම කළු ජාතික නගරාධිපතිවරයා පත්වෙලා

ළාබාලතම කළු ජාතික නගරාධිපතිවරයා පත්වෙලා
18 හැවිරිදි කළු ජාතික තරුණයකු අමෙරිකාවේ ආකන්සාස් ප්‍රාන්තයේ අර්ල් නුවර නගරාධිපති ලෙස පත් වූ බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
 
 ජේලන් ස්මිත් නමැති මේ තරුණයා පසුගිය මැයි මාසයේ උසස් අධ්‍යාපනය අවසන් කර ඇති අතර, නගරවාසීන් 1,800කගේ වැඩි කැමැත්ත ඔහුට ලැබී ඇතැයි වාර්තා වේ.
 
අමෙරිකා එක්සත් ජනපත ඉතිහාසයේ ළාබාලතම කළු ජාතික නගරාධිපතිවරයා වන්නේ මොහු බැව් සඳහන්ය.
 

වර්ණභේදවාදී ඉතිහාසයකට හිමිකම් කියන ලෝකයේ සුදු ජාතික අමෙරිකා එක්සත් ජනපදය, මීට පෙර කළු ජාතික ජනාධිපතිවරුන් පත් කර ගැනීම පිළිබඳ ලෝකයේ අවධානයට ලක්විය.