තවත් රටවල් 30 කින් මන්කිපොක්ස් ආසාදිතයින් හමුවෙයි

තවත් රටවල් 30 කින් මන්කිපොක්ස් ආසාදිතයින් හමුවෙයි

අප්‍රිකාවට අමතරව රටවල් 30 කින් මන්කිපොක්ස් ආසාදිතයින් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 550 කි.

ඉන් බහුතරයක් මන්කිපොක්ස් ආසාදිතයින් වාර්තා වන්නේ යුරෝපයෙනි.

විදෙස් වාර්තා සඳහන් කළේ, යුරෝපා කලාපයෙන් වාර්තා වන ආසාදිතයින් අප්‍රිකාවේ සංචාරය නොකළ පුද්ගලයින් බවයි.

ඒ හේතුවෙන් මන්කිපොක්ස් පැතිරයන හේතුව සෙවීමේදී විද්‍යාඥයින් අසීරු තත්ත්වයට පත්ව තිබේ.



මන්කිපොක්ස් වෛරසය මුල් වරට මිනිසුන් තුළ හඳුනා ගැනුණේ, 1970 වසරේ අප්‍රිකානු කලාපයෙනි.