ගෝලීය කොරෝනා මරණ ක්‍රමයෙන් අඩුවෙන බව WHO කියයි

ගෝලීය කොරෝනා මරණ ක්‍රමයෙන් අඩුවෙන බව WHO කියයි

ගෝලීය වශයෙන් වාර්තාවන කොරෝනා මරණ ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි. ලොව පුරා ඊයේ (03) සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 1,612 කි.

ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පනස් තුන් කෝටි තිස්තුන්ලක්‍ෂ 83,000 ඉක්මවා ඇත. ඉන් හැටතුන්ලක්‍ෂ 15,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි සදහන් වේ.

කොරෝනා ආසාදිත පනස්කෝටි හතළිස්දෙල්‍ෂ 32,000කට අධික පිරිසක් පූර්ණ සුවය ලබා තිබේ. 



 

කෙසේ නමුත් අමෙරිකාවෙන් සහ ජර්මනියෙන් දෛනිකව තවමත් 55,000කට වැඩි ආසාදිතයින් පිරිසක් හමුවෙයි.