
පුහුණූව ලත් ශ්‍රමිකයින් සඳහා රැකියා අවස්ථා 5,42,893 ක් මෙරටට ලැබී තිබුණත් ඒ සඳහා විදේශ ගතකර ඇත්තේ 79,785 ක ප්‍රමාණයක් බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
වර්ෂ 2015 සිට 2018 දක්වා කාලය තුළ මෙම අවස්ථාව ලැබී තිබුණ බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.
මෙම කාලය තුළ සේවා වර්ගීකරණ 7 ක් යටතේ රැකියා අවස්ථා 13,76,465 ක් රටට ලැබී තිබුණු බවද සඳහන් වේ.
ඉන් ගෘහ සේවිකාවන් සඳහා 4,73,856 ක් ද , නුපුහුණු සේවා වර්ගීකරණය යටතේ රැකියා 2,80,261 ක් ලැබී තිබූ බවද එම වාර්තාව සඳහන් කරයි.
ගෘහ සේවිකාවන් හා නුපුහුණු ශ්‍රමිකයින් සඳහා ලැබී තිබූ රැකියා අවස්ථාවලින් ශ්‍රමිකයන් 32% ක් සඳහා පමණක් ශ්‍රමිකයින් යොමුකර තිබූ බවද එම වාර්තාව සඳහන් කරයි.