අබුඩාබියේ සේවයට ගිය කිලිනොච්චියේ කතට කෝටි 09ක ලොතරැයි තෑග්ගක්

අබුඩාබියේ සේවයට ගිය කිලිනොච්චියේ කතට කෝටි 09ක ලොතරැයි තෑග්ගක්

කිළිනොච්චියේ සිට ඉන්දියාවේ තමිල්නාඩුවට ගොස් සරණාගතයෙක් වශයෙන් කල් ගෙවූ කාන්තාවකට අබුඩාබියේ ලොතරැයි දිණුමක් හිමිව තිබේ.

තමිල්නාඩුවේ සිටි ඇය විවාහ වීමෙන් පසුව අබුඩාබියේ රැකියාවකට ගොස් ඇති අතර එහිදී මිලට ගත් ලොතරැයි පතකට අබුඩාබී ඩිරාම් මිලියනයක මුදලක් ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් නවකෝටි අසූ දෙලක්ෂයක තෑගි මුදලක් අබුඩාබියේ ලොතරැයි දිණුමක් මෙලෙස ඇයට හිමි වී තිබේ.

ලොතරැයි පත් 80 ක් මිලට ගත් අරුල්සේකරම් සෙල්වරාණී නැමති එම කාන්තාවට අදාළ ලොතරැයි දිණුම හිමි වනවන විටත් ඇය නිවාඩුවකට තමිල්නාඩුවට පැමිණ ඇති අතර ත්‍යාග මුදල සම්බන්ධයෙන් ඇයව දැනුවත් කොට ඇත්තේ අදාළ ලොතරැයි සමාගම විසින් බව විදෙස් වාර්තා වල සඳහන් වේ.