රට පනින්න ගිය තවත් 10ක් නාවික හමුදාවට මාට්ටු

රට පනින්න ගිය තවත් 10ක් නාවික හමුදාවට මාට්ටු
නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 10 දෙනෙකු තලෙමන්නාරම කුරුසපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
 
උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අයත්  පී 175 වෙරළබඩ මුර යාත්‍රාව 16 රාත්‍රියේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂා කළ බවත්, එහිදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත් නාවික හමුදාව කියා සිටියි.
 
ඒ් අනුව මෙම  ඩිංගි යාත්‍රාවේ ක්‍රියාකරුවන් දෙදෙනා සමඟ වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකු, කාත්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 18 ට අඩු සිව්දෙනෙකු  ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු සමඟ එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගත් බවත් නාවික හමුදාව පෙන්වාදෙයි.
 
නාවික හමුදා භාරයට පත් පුද්ගලයින් පිරිස පේසාලේ, ඌරුමලේ, කිලිනොච්චි සහ කන්තලේ යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගත් බවත්, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙමන්නාරම පොලිසිය වෙත භාරදුන් බවත් නාවික හමුදාව වැඩිදුරටත් නිවේදනය කරයි.