ලෙබනනයේ රැකියාවට ගොස් හිරිහැරයට ලක්වූ ලාංකිකයින් 117ක් දිවයිනට

ලෙබනනයේ රැකියාවට ගොස් හිරිහැරයට ලක්වූ ලාංකිකයින් 117ක් දිවයිනට
ලෙබනන් රාජ්‍යයේ රැකියාවට විදේශගතව එරටදී විවිද වදහිංසා සහ හිරිහැරවලට ලක්වූ ලාංකිකයින් 117 දෙනෙකු දිවයිනට ගෙන්වා තිබේ.
 
මෙම පිරිස අද අලුයම 3.45ට පමණ ලෙබනනයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.554 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේ.
 
පැමිණි ලාංකිකයින් අතරින් වැඩි දෙනෙකු ලෙබනනයේ ගෘහ සේවය සඳහා ගිය ලාංකික කාන්තාවන් බවයි වාර්තා වෙන්නේ.
 

ඔබත් ඉදිරි කාලයේ විදේශගතවීමට අපේක්ෂාකරන අයෙක් නම් නීත්‍යානුකූල අන්දමින් විදේශගත වෙන්න වගබලා ගන්න. තවද ඔබ රැකියාවට යන ස්ථානය ගැන වඩාත් සැලකිලිමත්ව සොයා බලන්න. එය ඔබේ යහපතට මෙන්න ඔබේ පවුලේ යහපතටද හේතුවක් වෙනු ඇත.