ඉසුරු සොයා එතෙර ගිය රටවිරුවන් 142ක් කොරෝනාවට බිලිවෙයි

ඉසුරු සොයා එතෙර ගිය රටවිරුවන් 142ක් කොරෝනාවට බිලිවෙයි

විදෙස් රැකියාවල නිරත ලාංකිකයින් 142 දෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදිතව මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක, මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ, මේවනවිට විදෙස්ගතව ලාකිකයින් 142ක් කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්ව තිබෙන අතර ලාංකික ශ්‍රමිකයින් 4800 ඉක්මවූ පිරිසකට කොරෝනා ආසාදනය වී ඉන් 4600 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බවයි.

මැදපෙරදිග ඇතුළු රටවල් 16 කින් එම මරණ සහ ආසාදිතයින් වාර්තා වී තිබේ.

එම සියලු පුද්ගලයින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබාගෙන රැකියා සඳහා පිටත්ව ගිය පුද්ගලයින් බව මංගල රන්දෙණිය මහතා සඳහන් කරයි.