විදෙස්ගතව මෙරටට පැමිණෙන පුද්ගලයන්ට නව නිරෝධායන රෙගුලාසි

dr-asela-gunawardhana

විදෙස්ගතව මෙරටට පැමිණෙන පුද්ගලයන්ට නව නිරෝධායන රෙගුලාසි ජූලි මස 01 වැනිදා සිට හඳුන්වා දීමට තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි. මෙම නව නිරෝධාන රෙගුලාසි ජූලි 01 සිට ජූලි මස 31 වැනි දින දක්වා බලපැවැත්වෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සදහන් කරන්නේ.

නව නිරෝධාන රේගුලාසි පහත සදහන් පරිදි ක්‍රියාත්මක වේ.

  • විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට වෙළඳ නාවිකයන්, වෙළඳ නාවිකයන්, ද්විත්ව පුරවැසියන් සංචාරකයන් සහ නේවාසික වීසා බලපත්‍ර හිමි විදේශිකයන්ට අදාළව මෙම නව නිරෝධායන රෙගුලාසි බලපැවැත්වේ.
  • මේ යටතේ එන්නත්කරණය සම්පූර්ණ නොකරන ලද ශ්‍රී ලාංකිකයන් හා ද්විත්ව පුරවැසියන් සියළු දෙනා පළමු දින පී.සී.ආර් පරීක්ෂණයෙන් අනතුරුව නිරෝධායන හෝටලයකට හෝ මධ්‍යස්ථානයකට යොමු කෙරේ.
  • ඉන්පසු දින 11ත් 14ත් අතර කෙරෙන පී.සී.ආර් පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිතයකු බව බවට තහවුරු නොවන්නේ නම් දින 14 අවසානයේදී අවසානයේදී ඔවුන් අදාළ මධ්‍යස්ථානවලින් මුදා හැරෙන අතර කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වුවහොත් අතරමැදි රෝහලකට ඇතුළත් කෙරේ.
  • පූර්ණ ලෙස එන්නත්කරණය අවසන් කළ ශ්‍රී ලාංකිකයන් හා ද්විත්ව පුරවැසියන් මෙරටට පැමිණෙන පළමු දිනයේදී පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කෙරෙනු ඇත.
  • එහිදී ආසාදිතයකු නොවන බවට තහවුරු වුවහොත් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ අධික්ෂණය යටතේ අනිවාර්ය නිවෙස් නිවාඩු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනෙණු ඇත.
  • දින දාහතරකට පසු කෙරෙන පී.සී.ආර් පරීක්ෂණයෙන් ආසාදිතයකු නොවන බව තහවුරු වුවහොත් නිවෙස් නිරෝධායන‍යෙන් මුදා හැරේ.
  • අනුමත රාජතාන්ත්‍රික විදෙස් කාර්ය මණ්ඩල සාමාජිකයන් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් මෙරටට පැමිණීමේදී පළමු දින පී.සී.ආර් පරීක්ෂණයෙන් පසුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අනුමත කරන ලද නිරෝධායන නිවස්නයකට හෝ හෝටලය‍යකට යොමු කෙරෙනු ඇත.
  • එහිදී ආසාදිතයකු නොවන බව තහවුරු වුවහොත් දින 11ත් 14ත් අතර කාලයේදී දෙවැනි පී.සී.ආර් පරීක්ෂණයකට මුහුණ දිය යුතු වන අතර ඉන් ආසාදිතයකු නොවන බවට තහවුරු වුවහොත් දින දාහතර අවසානයේදී නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හැරෙනු ඇත .
  • එන්නත්කරණයෙන් තොරව මෙරටට පැමිණෙන සියලුම විදේශිකයන් පළමු දින පී.සී.ආර් පරීක්ෂණයෙන් අනතුරුව නිරෝධායන හෝටලයකට යොමු කෙරෙන අතර එහි ප්‍රතිඵලය අනුව ආසාදිතයකු බවට තහවුරු වුවහොත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ රෝහලකට යොමු කෙරේ.
  • ආසාදිතයකු නොවන බව තහවුරු වුවහොත් දින 11ත් 14‍ත් අතර දෙවැනි පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කෙරේ .
  • එහිදීද ආසාදිතයකු නොවන බව තහවුරු වුවහොත් දින 14 අවසානයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හැරෙනු ඇත.