විදෙස්ගතව රැකියාව කරන හා විදෙස්ගතව සිට මව් බිමට පැමිණ සිටින සංක්‍රමණික ශ්‍රමිකයින්ට ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් කතා කිරීමට,හඬක් නැගීමට හෝ බලධාරීන් වෙත දැනුවත් කිරීමට සුදුසු සක්‍රීය යාන්ත්‍රණයක් ගැන බොහෝ සංක්‍රමණික සේවකයින්ට දැනුමක් නොමැත.
කාලයෙන් කාලයට සමාජ මාධ්‍යවල හුවමාරුවන වීඩියෝපට , පොස්ටර් ආදිය හරහා විදෙස්ගතව සේවය කරන ලාංකික ශ්‍රමිකයින් මුහුණදෙන අනේකවිද දුක් කම්කටොලු මෙන්ම ඒවාට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටින වීඩියෝ පටද බොහෝ ප්‍රමාණයක් නෙත ගැටෙයි. නමුත් ඒම ගැටළුවලට නිසි විසඳුම් ලැබේද යන්න පිළිබඳව ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. ඒ වගේම විදෙස්ගතව සිට මව් රටට පැමිණි පසුවත් බොහෝ කාන්තා ගෘහ සේවිකාවන් විඳිනා දුක් ගැහැට අපමණයි.තවද යම් යම් අසාධාරණයන්ට ලක්ව රජයෙන් පිළිසරණ බලාපොරොත්තුවෙන සංක්‍රමණික සේවකයින්ද සිටින අතර ඔවුන්ට ප්‍රතිපාදන ලබා ගැනීමේ ක්‍රමවේදයද බොහෝවිට මන්දගාමී ස්වරූපයක් පෙනෙයි. වැඩබිම අපේ සංක්‍රමණික පිටුව වෙත ලැබෙන සංක්‍රමණික සේවකයින්ගේ ගැටළුද අප්‍රමාණයි.
කෙසේ නමුත් මේ ඔබට සිහිපත් කර දෙන්නේ විදෙස්ගතව සිටින හෝ විදේශයේ සිට මෙරටට පැමිණ සිටින ලාංකිකයින්ට ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට ඇති විදෙස්ගත ලාංකිකයින් වෙනුවෙන්ම ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගොඩනැගී ඇති සිවිල් සංවිධාන කිහිපයක තොරතුරුයි.
විශේෂයෙන් මෙම සිවිල් සංවිධාන සංක්‍රමණික සේවකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා සේම,නීතිමය සහන,පවුල් උපදේශනය, මිනිස් ජාවාරම පිලිබඳ දැනුවත් කිරීම්, නීතිමය පුහුණුව, මූල්‍ය සාක්ෂරතාවය, මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීම ඇතුළුව ආරක්ෂිත සංක්‍රමණය හා සංක්‍රමණික ශ්‍රමිකයින්ට අදාළ පුළුල් පරාසයක ආවරණය කරමින් සිය සේවය ලබා දෙයි.
ඊට අමතරව කාන්තාවන් සවිබල ගැන්වීම,තරුණ සංවර්ධනය, උපදේශන සේවය, ළමා යහපැවැත්ම සහ ආරක්ෂාව, තරුණ යහපැවත්ම, යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය සහ රාජ්‍ය සේවා ප්‍රවර්ධනය කිරීම වැනි පුළුප් වපසරියක සිය සේවය ලබා දෙනු ලබයි.
එම සිවිල් සංවිධාන දිස්ත්‍රික්ක මට්ටමින්,ජාතික මට්ටමින් මෙන්ම අන්තර්ජාතික මට්ටමින්ද සිය සේවාවන් සලසන සිවිල් සංවිධාන ලෙස හදුන්වා දිය හැකි අතර ඔවුන් දිගු කාලයක සිට සංක්‍රමණික සේවකයින් වෙනුවෙන් සිය සේවය සපයමින් සිටී.
පහතින් එම සිවිල් සංවිධාන වල තොරතුරු අප ඔබ වෙත ගෙනෙන අතර ඔබට ඇති ගැටළු ඉදිරිපත් කිරීමටත් ඒවා විසඳා ගැනීමටත් යම් අස්වැසිල්ලක් වෙනු ඇතැයි අප විශ්වාස කරමු.
සිවිල් සංවිධාන වල විස්තර හා ඔවුන් කරන ලද ක්‍රියාකාරකම්වල ඡායාරූප ඇතුළත් විස්තර පත්‍රිකා පහතින් දක්වා ඇත....
Migrant Workers Association Killinochchi
Plantation Rural Education and Development Organization (PREDO)
Saviya Development Foundatoin.
Social Welfare Organization Ampara District
ඔබට යම් වෘත්තීය සමිතියක තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් පහත දැක්වෙන ලින්ක් එක ඔස්සේ එම විස්තර පත්‍රිකාව නැරඹීමේ හැකියාව ඇත.
වෘත්තීය සමිති නාමාවලියට මෙතැනින් පිවිසෙන්න...